ඊයෙ කනුටික ගහලා හදාගත්ත හින්දා  අමාරුම වැඩ ටික අදට ඉතිරි වුනා..එක නිවාසයක් පිරමීඩයක් ගහනවා කියලා රහස් මාර්ගවලින් දැනගන්න පුලුවන් වුනා..අපි ගහනවා මෙඩූසා..අපිට අල්ලපු නිවාසෙ නැවක්ලු..ම්ම්ම්ම්..තමාලයයි ද්වි අයියයි ටයිටැනික් ජවනිකාවක් රගදක්වයි වගේ..ග්‍රවුන්ඩ් එකට ආව වෙලෙ ඉදම් මිනිහා එයා එක්ක..වරෙම්කො උබ සත්තරනේ ගාගෙන..අන්තිමට උබට ඌව ලොකුවෙලා මාව කපලා දැම්ම්මා නෙහ්..

"අඩෝ සප්තරනේ..මයෙ දෙයියා මේ උබ අද රෑවෙනකම් ඉන්න නේද..අවුලක් නෑ අපිට ප්‍රවාහනේ සපයන්න කෙනෙක් ඉදිරිපත් වුනා..මේ හවසට කන්න හොද මොනාද කියල අපෙන් අදහස් ගන්නවා..වරෙම්කො වුට්ටා පැටියා රවන්නැතුව ලගට.."

"මොකද උබ ඒපාර..ඔව් ඔව් ඉතිම් මේ වැඩ ඉවර වෙනකම් ඉන්න එපැයි..දැන් ඒ ගමන කන්න උයනවද..ඇයි කඩේකින් අරන් දෙන්න බැරි තරමටම හිගන්නො වෙලාද.."

"ස්ස් ස්ස් කට කට..ඇහුනොත් එහෙම කොස් පලුවත් නෑ අන්තිමට..කඩෙන් කන්න ඕන්නැ කිව්ව බන් බොරුවට..මෙ හවුස්වල වැඩ ගොඩක් නැහැනෙ බන්..ඉක්මන්ට ඉවර කරන අයට කිව්වා කැන්ටිමෙන් ලොකු හැලියක් ගෙනල්ලා කොස් තම්බගමූ කියලා..අර බලපම් අර ගහේ කොස් ටික..ම්ම්ම්ම්ම් අදීශ අයියගෙ අම්මා කොච්චි සම්බෝලයක් හදන් එන්නම් කිව්වෙ.ම්ම්ම් කොච්චි සම්බෝල එක්ක උනුවෙන් කොස් කද්දි..ආඅහ් කෙල උනනවා ඔයි මතක් වෙද්දිත්.."

"අඩො එකත් පට්ට නේහ්..මරු ආතල් එක..එක නෙමෙ කොස් සුද්දකරන්න්නත් එපැයි ඉතිම් නේහ්.."

"ආයෙ ඉතිම් ඔව්වා මොනාද ඒයි..කොස් සුද්දකරලා අවුරුදු පහලවක පලපුරුද්දක් තියනවා මට..ජන්ගියා කාලෙ ඉදන් කොස් සුද්ද කරේ මන්..පුහ්.."

"හරි එහෙනම් ඉක්මන්ට ඉවර කරගන්න බලමු මේ ටික.."

"යසස් අයියේ මේ අන්තිම එක ගැටගහන්න ලනු මදි වුනානෙ..ආයෙ තකහනියක් කඩේ යන්න වෙයිද.."

"ආ එහෙම ඕන වෙන එකක් නෑ..යෂ්ලගෙන් එකක් ඉල්ලගන්න..එයාලා දෙයි.."

"ආ හරි..
ඒ තමාල් මේ..ඔය ඔතන ලනුව වැඩක් නැති එකක් වගේ නේද..මෙහෙට දියන්කෝ.."

"ආ මොකද්ද...උබ ලනුවක් උනොත් ඒකෙන් හරක් බදිනවද..ආ ඔව් ඔව් බයවෙන්නෙපා.. උබ ලනුවක් උනොත් මන් අරගෙන කසාදම බදිනවා.."

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now