මුහුන කට හොදන් පල්ලෙහාට එද්දි කට්ටියම එක එක තැන් වල වැටිලා හෝන්දු මාන්දුවෙන් ඉද්දි හවස ස්කොලෙට යන්නත් ඕන හින්දාම ඉක්මන්ට ගෙදරට ආවා..අම්මා වැඩට ගිහිම්..උදේම කබරයා දාපු හින්දා බඩ හිස් වගේ..ඔලුවෙ කැක්කුම යන්නත් එක්කම මන් ආස විදියට තේ එක හදලා බිව්වා..

මිට් එකෙ වැඩ ටික කරන්න සෙට් එකම හවස් වෙලා එමුයි කියලා දාගත්ත හින්දා අවුලක් වුනේ නැහැ..බැජ් හදන්න ගෙනාපු බඩු ඔක්කොම අපේ ක්ලාස් එකෙ කබඩ් එකට දාලා තිබ්බ හින්දා එ ටික ගන්න මහාමේරු පර්වතේ තරනයා කරන් යද්දි පඩිපෙල බැහැගෙන එන කලවැදි උතුමානන්ව පඩිපෙල් මාරුවෙන තැනදි මූනට මූන හම්බුනා..මාව දැක්කෙ නැහැ වගේ බැහැන් ගියපු හැටිවිතරක්..

මාව ගනන් ගන්නැතුව ගිය හින්දද..ඊයෙ රෑ වුන සිද්දිය හින්දද කියන්න දන්නැ..එත් මට දුකයි..එයාගෙන් පොඩි හරි ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් මන් ඉදියා..වැඩක් නැ සමහර විට එයාට මුකුත් මතක නැතුව ඇති..උඩ පඩියට නැගලා අනිත් පඩියෙන් බැහැලා යන එයාව බලන්න ආපු සිතුවිල්ලත් එක්ක ගැට්ටෙන් එබිලා බලද්දි එයත් නැවතිලා උඩ බැලුවා..එ ඇස් දිහා බලද්දිත් මත්වේගෙන එනවා දැනෙනවා..එයා බලනවා මන් දැක්ක හින්දමද මන්දා කොහෙදො තිබ්බ හදිස්සියක් එකපාරට මතක් වුන ගානට කලබල වෙලා එතනින් යන්න ගියා..

"වතුර නාලා...
වතුර නාලා
තෙත කොන්ඩෙ කඩාලා
ඉන වටේ තදට
මල් ඉහිරුන චීත්තෙ ඇදලා..
රන් කොතලෙ උඹෙ උකුලේ තියාලා..
මගෙ සුරන්ගනී කොහෙද යන්නෙ
නිතඹ සලාලා....."

පසු බිමෙන් එන ගීතයට මේස රෙද්ද දියරෙද්දකට ඇදලා මැටි කලේ අරන් උකුලෙ තියාගෙන සුරන්ගනී නන්ගි වගේ පස්ස වන වන නටන තමාලයා හින්දා මුලු සෙට් එකම හුස්ම හිර වෙනකම් හිනාවුනා..

"අඩො සප්තයගෙ මූන රතුවෙලා බන් හිනාවෙලාම..පව් ඔයි..ඇති බන් හිනැස්සුවා..මරන්නද හදන්නෙ..අයියලා ආවොත් පෙන්නයි උබට සුරන්ගනී.."

"තමාලයො ඔය ඇති බන්..බලපම් තාම කනු ටික විතරයි..උඩට දාන රිටි ටික ගැටගහන්න ඕනෙ..ඉනිමග ගේන්න යමන්..විශාලයො අපි එනකම් ඉතුරු කනු ටික ගහපම්.."

දෑගිලි ✔( complete )✨حيث تعيش القصص. اكتشف الآن