සිරන්තියා කොයිවෙලෙත් බනිනවා වතුර බිල වැඩිවෙන්නෙ කැල්වින් අයියා හින්දයි කියලා..පොර කැම්පස් යන්න ගත්තට පස්සෙ මාර විදියට බිල අඩු වුනාලූ..ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ..අදත් ඉතිම් වතුර නාස්තිකරනවා දාගෙන..

මන් උදේ නැගිටිද්දි ඇදෙ ඉදියේ කොහොමද කියන්න නම් දන්නෙ නැ..තමාලයගෙන් ඇහුවත් ඌ කියන්නෙ දැක්කෙ නැහැ කියලයි..මට ලාවට වගෙ මතකයි ඒ වෙලාවෙ කවුරිහරි මාව ලගට ගත්තා කියලා නම්..කවුරු වුනත් ගෙදර කෙනෙක් වෙන්න ඕනි..නැත්තම් ඉතින් තමාලයගේ කාමරේට මාව ගෙනල්ලා වෙන කවුරු තියන්නද..පැය තුනක් වගෙයි නිදාගන්න හම්බුනෙත්..නිදිමතයි අප්පා..

කට්ටියම කාලෙකින් සෙට් වුන නිසා ඔක්කොමල්ලා එක්ක බෙල්ලන්විල පන්සල් යන්න දාගත්තා..රෑට පොඩි පාටියක් නිදා උදෙන්ම ගිහිල්ලා එන්නයි හදන්නෙ..මුන්ගේ පවුලේ මන් නැතුව සිද්දවුන එක වැඩක්වත් නැ..හැමදේකටම කොහෙන් හරි මාත් එකතුවුනා..නිදිමත හින්දා මන් ගෙදර ඉන්නම් කියද්දි හැමොම මට දුන්නෙ ඩෙවල් දාලා කන්න හදනවා වගේ ලුක් එකක්..ඉතිම් නොයාබෑනේ...

බෙල්ලන්විල පන්සලට එද්දි 11 ට ලංවෙලා..හැමොම තම තමන්ගේ වාහන වල ආවෙ..මායි තමාලයයි ආවෙ රොකී.අයියලගේ වාහනේ..ඒ අඩේහ් මේ යකාව කවුද එක්කන් ආවෙ..වාහනෙන් බහිද්දි තමා කලවැදි කුමාරයව දැක්කෙ..සාදූ සාදූ..පින්දහම් කරගන්න ඇවිල්ලා..

කට්ටිය හැමෝම තෙල් මල් අරන් ඇතුලට ගියා..අද සෙනගවැඩි දවසක්..සිල්ගන්න ආපු කට්ටිය තමා වැඩිහරියක්ම ඉන්නෙ..ශිරන්තියා එයා ගත්තු මල් ටික අරන් ඇවිත් තමාලයගෙයි මගෙයි අතට දුන්නා..විහාරෙ ඇතුලට ගිහිම් පුජාසනයෙන් මල් පූජකරලා වැන්දා..
පූජාසනයෙ මල් තියන්න ඉඩත් නැ සමහර මල් බිම වැටිලා..මිනිස්සු එවත් පාගගෙනම මල් පූජ කරන්නෙ..මන් හිමීට බිමට පහත්වෙලා වැටිලා තිබුන මල් ටික හිමිට එකතුකරන්න ගත්තා..සමහර මල් වල පෙති විතරයි..
අයිනට වෙන්න වගේ පොඩිවුන්නැති පිච්චමලක් තියෙනවා දැක්කා..මන් ඒකත් අරගන්න අත තියද්දිම වගේ තව අතක් ඇවිල්ලා මගෙ අතෙ ගෑවුනා..එයා මල වෙනුවට අල්ලගත්තෙ මගේ ඇගිල්ලක්..ඔලුව උස්සලා බලද්දි එතන ඉදියේ නේත්‍ර අයියා..එයාව දැක්කගමන් එකපාරට නැගිටින්න හදද්දි මගෙ ඔලුව පූජාසනේ ගැට්ටේ වැදුනා..නැ පූජාසනේ වැදුනේ නැහැ..ඒ වෙනුවට තිබුනේ අතක්..මන් නැගිටිනවත් එක්කම පූජාසනේ යට පැත්තට නේත්‍ර අයියා අත තිබ්බා..ඒක හින්දයි ඔලුව වැදෙන්නැතුව බේරුනේ..මේ මනුස්සයා හැමදෙයක් ගැනම අවදානෙන්නෙ..ඔලුවත් නවාගෙනම මන් ඉක්මන්ට එතනින් අයින්වුනා..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now