"රොකී අයියේ..මේ මටත් ටිකක් දෙන්නකො පත්තු ගාන්න.."

"පොඩ්ඩො උබට පුලුවන් ද..පුච්චගන්නැතුව ඉදින් මෙහෙට වෙලා.."

"අච්චෝ අච්චෝ පුච්ච ගන්නැ..අනෙ ටිකක් දෙන්නකො අප්පා..යොහ් ආසයිනෙ අනේ.."

"රොකී ටිකක් ඔන්න ඔහේ ටිකක් දීපම්..කොල්ලගෙත් ආසාවනෙ..ඕක දුන්නැතිවුනොත් අපි හෙට ඉදලා ඉවරයි.."

"අනේ ඒකනෙ කැල්වින් අයියේ..මට පුලුවන්නෙ ඉතිම්..පත්තක්වත් ගහලා නැත්තම් කොල්ලෙක් ගෙන් වැඩක් නෑනෙ ම්හුක්.."

"උබ දැන් හුරතල් වෙලා ඉල්ලගත්තා වගේ නෙමෙ පුතො..පුච්චගෙන වරෙම්කො ඔබනවා උබව ලිපේ..ආ අර පොඩි පත්ත ගන්න..ඒක බර නෑ..බලාගෙන ඇගට විසිකරගන්නවා නෙමෙයි හොදේ.."

"යොහ් මන් ආදරෙයිනෙ රොකී අයියේ..ඔයා තමා හොදම.."

"යැයි යැයි තමා..කො හිමීට ඔය අත කන්ට්‍රෝල් කරගනිම් විසිවෙයි අඅ..හදිස්සියක් නැ..වැඩිය ලන්වෙන්නෙපා රස්නෙ වැදෙයි.."

යාන්තම් දුක් මූනක් පෙන්නලා පත්තක් ඉල්ලගත්තා..අම්මො ලේසි නැ..දැන් නම් කෑල්ලට හයිවේගෙන එන්නෙ..එහෙම වෙද්දි තමා හයියෙන් පත්තු ගාන්න ඕනි..කලවැදි කුමාරයා පිගානක් අරන් කලවන් කරනවා වටේ තීන එව්වා..තමාලයා තේ කොල්ලා වෙලා වටේටම තේ අල්ලනවා..

"කො පොඩ්ඩො දැන් ඇති..ඉක්මන් කරන්නොනෙ..උබ ගිහිම් මටත් එක්ක තේ එකක් ගනිම්.."

එලෙව්වනේ මේ යකා..උටත් එක්ක තේ එකක් අරන් ඇවිල්ලා ඒ තේ එක පුටුවක් උඩින් තියලා පැත්තක තිබ්බ පිගානක් අරන් කිරියා හැලිය ගාවට ලංවුනා..ද්වීනාශ් අයියගෙ ඇගෙ දාඩිය බේරෙනවා..නලල දෙපැත්තෙන් බින්දු බින්දු..දත් වලින් යටිතොල කාගෙන හැදිගානවා..ශර්ට් එක ඇගට ඇලිලා..සුදු ශර්ට් එකෙන් එයාගෙ ඇබ්ස් හොදට පේනවා..අත්ගොබ පුපුරන්න ඔන්න මෙන්න වගෙ..එයාගෙ බෙල්ලෙ තියෙන මාලෙ හැදිගාද්දි එයත් එක්කම පැද්දෙනවා තාලෙකට..පිගාන අයින් කරලා පත්තට මාරු වුන එයා පත්තෙන් හැදිගාද්දි නහර ඉලිප්පිලා පෙනවා..මේවා බලන්න විතරයි පුලුවන්..ස්පර්ශය තහනම්නේ..කෝමත් අල්ලන්න ඕන්නැ හුම්...

කෝමත් අල්ලන්න ඕන්නැ හුම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
දෑගිලි ✔( complete )✨Where stories live. Discover now