ඊලගට ඉතුරුවෙලා තිබ්බ නෝට් ලියන්න ගත්තා..ඒ ටිකත් ලියලා ඉවර වෙලා කරන්න දෙයක් නැති එකේ ලයිබ්‍රී පැත්තේ ගිහිම් එන්න ඕන..පොත් දෙකකුත් මාරු කරගන්න තියෙනවා..කල් පැනලා හින්දා දඩත් කන්න වෙයිද මන්දා..වැඩිදුර නැති නිසා පයින්ම ගිහිම් පොත් මාරු කරලා තව එකක් විතරක් අරන් එතන ඉදම් පැයක් විතර ඉදලා ආපහු ගෙදර ආවා..

අව්වනම් පට්ට සැරයි රෙදි කරවෙන්න වේලිලා..දැන් නම්  බඩගිනිත් වගේ .ආයෙපාරක් කාලා එහෙම්ම පොඩි ඇලට් එකක් දැම්මා..කාපු ගමන් නිදාගන්න හොද නැ තමා ඉතිම් අනේ ඌරන්ට මොන health ද බන්..

අම්මගේ කෝල් එකත් එක්ක ඇහැරුන
මන්, බලද්දි එළියෙ හයියෙන් වහිනවා..වටේම අදුරුවෙලා..ජනේලෙ ඇරලා වැස්සත් එක්ක වටපිටාවෙ ඇදුන ලස්සන බලන්න ගත්තා..වහිද්දි මෙ එන අදුරෙ අමුතු හැගිමක් හැංගිලා තිනවා.. එකක් නෙමෙ හැගීම් ගොන්නක් කැටිවෙලා..නාස්පුඩූ වලට දැනෙන්න හොද හුස්මක් ගත්තා..ජල අංශු එක්ක දැනුන ඒ හුස්ම තෙතයි කියලා මට හොදටම දැනුනා..වැස්සෙ දැනෙන මෙ හැගීමට මන් හුගක් ආසයි..අමුතු පාලුවක්..කාන්සියක්..තනිකමක් එක්ක හිතට සැහැල්ලුවක් දැනෙනවා..හැමොටම කොහොමද කියන්න දන්නැ එත් නමක් කියන්න තෙරෙන්නැති මහ අමුතු හැගිමක් වැස්ස දකිද්දි මට දැනෙනවා.....

මන් කුස්සියට ගියා.එළියෙ හීතලටද මන්දා පොඩි බඩගින්නක් වගෙ එකක් අවා කියල මට තෙරුනා..බඩට නැතත් දැන් නම් මගෙ හිතට බඩගිනි.මෙ වගෙ වෙලාවකට හොද කිරි තේ එකක් තිබ්බනම් කියලා ඕනම කෙනෙක්ට හිතෙන්න පුලුවන් නේ..නේද..ඇත්තම කිව්වොත් මන් මන්ම හදල කිරි එකක් තෙ එකක් බොන්න ලොකු කැමැත්තක් දක්වන්නැ..අපෙ අම්මනම් කියන්නෙ මගෙ කම්මැලි කම කියලයි.මට තෙ හදන්න බැරි නැ එත් මන් තෙ එකක් හදද්දි  හුගාක් දෙවල් ඔනි කරනවා.කොමත් මන් හදල බොන්න කැමති සාමාන්‍ය තේ එකකට වඩා ඉගුරු කෑල්ලක් , කරාබුනැට්ටක් , එනසාල් ඇටයක් තලලා දාලා පොඩි කුරුදු කැල්ලකුත් දාලා හදන තේ එකකට ..හදන්න හිතුනොත් ආසාවෙන් හදනවා.හැබැයි එක අමුද්‍රව්‍යක් හරි අඩු වුනොත් අමූතු කම්මැලිකමක් එනවා අප්පා..කොහෙන් ගියත් මෙ කම්මැලි කම නම් අඩුවක් නැතුවම තිනවා..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now