තමාලයත් එක්ක ස්කොලෙ වටේ ආයෙ ඇවිද්දා හවුස් වල කොල්ලොන්ගෙ නම් ඉල්ලගන්න..ඉන්න හැම එකාම හරියට කරන්නැනෙ..වැඩි කාලයක් නැති නිසා තරග වලට පුලුවන් කියල හිතෙන අයගෙ ලිස්ට් එකක් තමයි හදන්න කියල තිබ්බෙ..තමාලයටත් ඒකම හදාගන්න ඔනි වෙලා..බාගෙට බාගයක් ග්‍රවුන්ඩ් එකෙ නිසා ඉන්න ටික ලියන් එ පැත්තට ගියා..

"සප්ත...come here.."

හරිනෙ ඔය කෙරුවෙ..මට අමතක වුනානෙ ක්‍රිස්තුරාජෙ පීටී කරපු නලදමයන්ති මිස් මන් එද්දිම මේකට ආව කියලා..ඒකෙ ඉද්දි මාව දුටු තැන වෙඩි තියන්න ඕර්ඩර් එක තියන  මනුස්සයා වගේ දැක්කොත් ඇත්නම් කැගහලා නම කියනවා.. ආයෙ එතන ජනපති  ඉදියත් එයාට නෙමෙයි ගානක් තියෙන්නෙ..මන් කලිම් හැම පාරම ලිස්සලා ගියාට මේකෙදි නම් එහෙම බෙරෙන්න බැරිවෙයි..

"මිස්.."

"කොල්ලො මට අමතක වුනා උබත් මේකෙ ඉන්නවා කියලා..මේකෙ ඉන්න ටික දෙනාවයි මන් දැනට දන්නෙ..තමුන් ඉන්න එක මට ලේසි ටිකක් දැන්.."
"කො මෙ ද්විනාශ්..එන්න ටිකක්..කොල්ලො මේ ඉන්න මල්ලිව දන්නවා ඇතිනේ.."

"ඔව් මිස්..දැකලා තියෙනවා.."

"දැකලා මදි බන් දැනගන්න ඕනි..කතා කරගනිම් පස්සෙ ඒවා..මන් දැන් කිව්ව වැඩ ටිකට මෙ පොඩ්ඩගෙන් සප් එක ගන්න..හැමතිස්සෙම මට එක තැනක ඉන්න බැරිවෙයි..මෙතන වැඩ ටික මන් ඔය දෙන්නට දෙන්වා..මෙ මල්ලි දන්නව කරන්න ඔන දේවලුත්..ලිස්ට් ටික හදලා ඇති ඉල්ලගන්න..මන් එන්නැතුව ඉන්නැ මන් එනවා..මැච් ටිකේ වැඩ මට බලාගන්න වෙලා තියෙන්නෙ..මන් එනකම් කරන්න පුලුවන් නෙ.."

"ඔව් මිස්.."

"okay..එහෙනම් එකත් හරි..ආ කොල්ලො මෙ පොඩි එකා වැඩ වලින් ලිස්සලා යන්න හරි දස්සයා..ටිකක් බලාගනිම්.."

මිස්ව දැකලා කොරවෙලා තිබ්බ යටිබඩ..මෙ කලවැද්දා ඉස්සරහා කිව්ව එවත් එක්ක ඇබරිලාම ගියාද මන්දා..ඇයි අනෙ මටම මෙහෙම..අප්‍රිය සම්ප්‍රයෝගෙ දුකක්ලුනේ..මහා දුකක් මේක..මු එක්ක ඉදල මුගෙ රැවිල්ල මටත් බොවෙයිද මන්දා..සික්කෙයියා මිස්ටත් නිකම් ඉන්න බෑනෙ මුටම ඒක කිව්වනේ..මන් අහන්නෙ ඔහොම කියනවද..මිස්ට මෙ වැද්දව අල්ලලා ගිහිම්ද කොහෙද..නැත්තම් ලෙසියෙන් ඔහොම වැඩක් තව කෙනෙක්ට කරන්න දෙන්නැ එයානම්..

දෑගිලි ✔( complete )✨Onde histórias criam vida. Descubra agora