තමාලයනම් කියන්නෙ හවුස් වෙන් කරාට ඌ නම් හැම  හවුස් එකකම ඉන්නව කියලයි..කලිම් ස්කොලෙදි මාත් එහෙමයි..හැබැයි ලොකූවට ඕකට ගියෙ නැ මන්..එත් මේකට නම් යන්න ආසවක් ආවා..යසස් අයියලා ඇවිල්ලා රැස්විමක්  තියලා නායකයො ටික පත් කරලා වෙන්නොන ටික පැහැදිලි කරා..තමාලයලු උන්ගෙ එකේ හවුස් කැප්ටන්..හරි සෝක් දැන් ඕකට ගැලවීමක් ඇත්තෙම නැ..එ වුනාට ඉතිම් අපෙ එකට පරාද වෙන්න දෙන්නත් බෑනෙ මන් එකත් බලන්නොනෙ..හරීයට
වැඩ අප්පා මට..

හෙට ඉදන් ඉවෙන්ට් පටන් ගන්නවලූ..අපෝ දුවන්න නම් බෑ..ඔය විසිකරන්න මොනාහරි තිබ්බනම් කරනවා..එච්චරයි.
ක්‍රිස්තුරාජෙ දි කවපෙත්ත, හෙල්ල විසි කරලා මට පලවෙනි තැන හම්බවුනාට යගුලිය නම් උස්සලා වැඩි දුර දාන්න බැරි වුනා..උස වැඩි හින්දා මල්ලිලා ගොඩෙ සරඹ සන්දර්ශනේටත් ඉන්න වුණා ඒක වෙනම කතාවක්..මේකෙත් ඔය තීන දෙක තුනකට ගිහිම් ශේප් වෙලා එන්නොනෙ..

"අභී..ඔයා කොහෙද ලමයො ඉදියෙ මන් හැම තැනම හෙව්වා..අහන්නකෝ හෙට කට්ටියගෙන් තරග වලට ඉන්න අපේ අයගෙ ලිස්ට් ටික මට හදලා දෙන්න පුලුවන්නෙ.. නේද..මන් එවැඩේ එහෙනම් ඔයාට භාර කරනවා.."

ආ තරගෙන් දෙකෙන් ශේප් වෙන්න නෙද උබ හිතුවෙ..දැන් නාපම්කො ඉතිම්..ආදරෙ නිසානෙ මේ සේරම කියලා කියහම් ඉතිම් දැන්..
ඕඕ මට දැනෙනව..මගෙ ඇතුලෙන් මට දෙහිකපනවා කියලා..අනෙ ඉතිම් මයෙ යසස්කයියා අහපු දේකට බෑ කියන්න බැනෙ..එ වුනාට මෙතන හා කියන්න දේකුත් නැ වැඩේ  කෙලින්ම භාරම දුන්නා..ඔහොම ඉන්නෙපා මිනිහෝ තෙරුනා අයියේ කියලවත් කියපම්..ඔහොම බැ ටෝක් කරගන්න..කො කියපම් ඉතිම්..

"හ්.හ්හරි අයියේ..මන් හදලා දෙන්නම්.."

"එක්කො දෙන්න ඔනත් නැ ඔයා එ ටික මට හදලා, pdf කරලා whatsapp එකට එවන්න..කොමත් මන් තරග බලන ටික ඔයාට දෙන්න තමයි හිතුවෙ..බැරි නැනේ..කලිම් කරලා තියෙනවනෙ.."

අනෙ මන්දා වෙලාවකට මගෙ යටිහිත මෙ ආදර කෙරුවාවට කැමතිත් නැද්ද මන්දා..එත් වෙලාවකට මට සප් එකත් දෙනවා..යසස් අයියා අහපු  දේට ඔලුව වනලා මන් ආවා තමාලයා හොයාගෙන..අලුතෙන් ආපු මන් මේකෙ උන්ව දන්නෙ කොහොමද ඉතිම්..ස්කොලෙට ආපු පලවෙනි දවසෙ මල්ලි කෙනෙක්ට අයියෙ කියන්න ගිහිම් චාටර් වුන හැටි තාම මතකයි..නැ ඉතිම් කවුද හිතුවෙ එ දන්ඩා මල්ලියෙක් කියලා..මන් වගෙ දෙකක් සයිස්නෙ..මහත එකෙක් නෙමෙ මන් හිතන්නෙ කායවර්දන ඒකකයට යන කොල්ලෙ..පස්සෙ දවසක දැනගත්තේ ඌ තමයිලු දැන් ඉන්න රග්බි ටීම් කැප්ටන්..අනෙ මට මොකටද ඔව්වා..එ වුනාට එ කොල්ලා මාව දැක්කොත් ඇත්තම් දාන අමුතු හිනාව නම් අල්ලන් නෑමයි..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now