"ආච්චී මේ අපේ සිරන්- මන් කිව්වෙ තමාලයගෙ අම්මා කේක් හදලා තිබුනා..ආච්චිටයි ආච්චිගෙ මී මුනුබුරාටයි දුන්න පංගුව මේ දීලා යන්න කියලා ආවෙ.."

"අ.නේ ශිරන්ති කෙල්ල හැමදාම මට කේක් කෑල්ලක් එවනවනෙ පුතේ..කො ඇතුලට ඇවිල්ලා වාඩි වෙන්නකෝ..ඔය ලමයි තේ එකක් බොමු..එන්න එන්න..චූටි බබා ඔය ලමයින්ට වාඩිවෙන්න කියන්න.."

"ග්‍රැනී!!...මන් ඔය නම කියන්න එපා කිව්වා නේද.."

යකො මුගෙ සද්දි..අනෙ ආත්තම්මෙ මුගෙ කොහෙද දන්නෑ චූටි..

"අනෙ උබෙත් මල කෝලම් කොල්ලො..මෙන්න මෙහෙට වරෙම් අර කුකීස් ටික මෙ ලමයින්ට දෙන්න.."

මරු එකාට චුටි බබා කිව්වෙ..අනෙ මන්දා අද කාලෙ මිනිස්සුන්ට නම් දාන්නෙ කිසි ගැලපීමක් නැතුවනෙ..නුවන් කියන්නෙ කිසිම නුවණක් නැති කොල්ලන්ට..දයාන් කියන්නෙ කිසිම දයාවක් නැති කොල්ලන්ට..මෙව්වා ඉතිම් කාට කියන්නද..හැබැයි මෙ තඩියට චූටි කිව්වෙ එක්කො උගේ....ආආඅ නැනැ මොනාද මන් මෙ හිතන්නෙ..සැක් ඒකත් ලොකු ඇතී. එව්ව්ව්..

ජොසපින් ආච්චිගෙ කුකිස් ටික අපිට ගහන්න වගෙ දීලා අර යස්සයා ගියා ගියාමයි..ගෙට වෙලාවගෙ ආයෙ ඌ නෙමෙ දොට්ට බැස්සෙ..ජොසපි ආච්චිගේ කුකිස් නම් පට්ට..අපි කාලා ඔතාගෙනත් ආව ටිකක්..තමාලයගෙ ගෙදර ආවා කියන්නෙ එනිටයිම් ඩේටා වගෙ එනිටයිම් බඩට මොනාහරිම වැටෙනවා..

තමාලයගෙ ගෙදර ආවා කියන්නෙ එනිටයිම් ඩේටා වගෙ එනිටයිම් බඩට මොනාහරිම වැටෙනවා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

තමාලයගෙ අයියත් අද ආපු නිසා..සිරන්තිට අපි එක්ක වැඩිය කතා කරන්න හම්බුන්නැ..නැත්තම් අර කතාව කියයි මෙ කතාව කියයි..එ මදිවට ආන් වට්ටියත් දාගෙන..අපි ඉදලා ඉවරයි..මහා දුකක් මේක..තමාලයගෙ අයියා හරි හොදයි අප්පා..රෑට පාඩම් කරලා අපිට කන්න චීස් කොත්තුවක් ගේන්නම් කියලා එලියට ගියා..ලොකුවැඩක් තිබ්බෙ නැති නිසා තමාලයයි මායී අන්ටෙම්ඩ් ආයෙ බලන්න හිතුවා..කොච්චර බැලුවත් එපාවෙන්නැ..බලන්න බලන්න ආස හිතෙන පිස්සුවක් මේකනම්..

දෑගිලි ✔( complete )✨Tempat cerita menjadi hidup. Temukan sekarang