"සප්තයා මෙන්න මේක දෙන්න යමන්..ඔයි කවුද බලමු මේ උඩින් පාත් වුන ආත්තම්මගෙ ග්‍රෑන්ඩ් සන්.."

ඇත්තටම මෙච්චර කාලයක් තනියෙම් ඉදපු ආච්චිගෙ තනියට දැන් ආපු එකා මොකාද දන්නැ..ගිහින්ම බලන්නොනේ..තමාලයගෙන් කේක් කෑල්ල මන් බලෙන් ඉල්ල ගත්තා..ඕකව සතේකට ශුවර් නැ..මෙ යන ටිකට උඩ බලන් ගිහිම් කේක් කෑල්ල පොලෙ ගහන්න බැරිත් නෑ ඕකා..දෙන දෙයක් පරිස්සමට දෙන්නෙපැයි..

"ටක්..ටක්..ටක්..ගෙදර කවුද.."

"ටක්..ටක්..ටක් කොල්ලා බැදලද.."

"කෝ බන් ගෙදර බල්ලත් නැ කොල්ලත් නැ ජොසපින් ආච්චිත් නැ.. ආයෙ ගහපම්"

"ටක්..ටක්..ටක්.."

"කවුද ආවෙ.."

"රාස්සයෙක්.."

"මොකටද ආවෙ.."

"අනෙ අම්මපා කවුද වුත්තො මේ..තමාලයා බලපම් කවුද කියලා..මූ හදන්නෙ මාව අමනුස්සයෙක් කරගන්න ."

මොන පිස්සෙක්ද මේ..මු හිතුවද අපි මෙ පාටක් හොයාගෙන ආවා කියලා..මොකක් උනත් ජොසපින් ආච්චිගෙ මුනුබුරා අමු ගවයෙක්..ගෙට්ටුවෙ කොක්ක පැන්නුවා විතරයි..එකත් තල්ලු කරගෙන ඇතුලට ගියා මොකාදා මූ බලන්න...

"මෙ ඔයි. තමුසෙ හිතුවද අපි පාට-ඒහ්හ්..තමුන්.."

තල්ලු කරම් ගිය පාර කටින් පැන්න වචන ටිකත් දැකපු එකා නිසා කියන්න බැරු වුනා..දෙයියනේ දෙයිහාමුදුරුවනේ..ආපු අපි කෙසේ වෙතත් ඇතුලෙ ඉදිය එකානම් රාස්සයෙක්..මූද එතකොට ජොසපි ආච්චිගේ මුනුපුරා..හරිම අගෙයි..හරිම අගෙයි..සාක්කු දෙකට අත් දෙකත් දාම් පුම්බන් ඉන්න ලස්සන..මූ නම් ජොසපි ආච්චිගෙ දුර නෑයෙක් වෙන්නොනෙ..එ හිනාව ලගින්වත් මූව තියන්න බෑනෙ..

"ද්වීනාශ් අයියේ..උබද ආච්චිගේ මුනුබුරා..අපි මෙ බලන්න ආවෙ ආච්චිගෙ ගෙදරට අහසින් වැටුන ලමයා කවුද කියලා..කෝ ආච්චී ඇතුලෙද.."

"හ්ම්.. එන්න.."

මුගෙ රැස්පෙට් බලාම්කො..අනෙ තමාලයො බොටත් හොදවැඩේ..ද්වීනාශ් අර නාශ් ගාන් කතාවට ගියාට..මූ නම් න්‍යශ්ටික බෝම්බයක්..පුදුම ආඩම්බරකමක් මේකනම්..

"ආහ් මේ ලමයිනේ..මන් බැලුවා මෙ සද්දෙ මොකද්ද කියලා..එන්න දරුවො ඇතුලට.."

දෑගිලි ✔( complete )✨Där berättelser lever. Upptäck nu