" යසස් අයියා රෙද්දඅඅ..!!!! "

අර කාජල් සාරුක් ගාවට හුලගෙ වැදීගෙන දුවන් එනවා වගේ තමාලයත් පොකුන ලගට වෙලා ඉදපු යසස් අයිය ලගට කෑගහගෙන දිව්වා..අරූගෙ කෑගැහිල්ලට උඩ බලපු යසස් අයියා වැටෙන්න ගිය රෙද්ද අල්ල ගත්තෙ නූලෙන්..හම්මො රෙද්දක් කරපු විනාසයක්..දැන් ඉතිම් රැස්වීමෙ ඔලුවක් තියන් ඉන්නෙ කොහොමද..මන් දැක්කා තමාලයා රෙද්ද උස්සම් අපේ බිල්ඩින් එක පැත්තට දුවන් යනවා..

රැස්විම් ඉවර වෙලා පන්තියට ආපු වෙලේ ඉදම් විශාලයගේ වැඩේ රෙද්ද ගැන කිය කිය හිනාවෙන එක..ඒක හිනා යන වැඩක් නම් තමා එත් වුන ලැජ්ජාව..අන්තිමට පන්තිභාර මිස්ගෙනුත් කට කැඩිච්ච කතා අහගන්න වුනානෙ සැක්..

"ඒ සප්තයෝ..උබේ නමෙ මනමේකල කෑල්ලක් තිනොද බන්.."

ආ හරි සෝක් වෙරි බියුටිපුල්..ඔය කරෙ..දැන් දීපම්කො උත්තර..අනෙ අම්මපා මෙ වෙලාවට තමා හිතෙන්නෙ අර ගෝටයිම්බරගෙ කලිසම ඔලුවෙන් ගලවන්න..

"ඔව් විශාලයො..මේකාව ඉස්සර ඉදම්ම මන් දන්නවනෙ..ඔය නම දාලා තින්නෙ මුගෙ සීයා හරිද..බලාම්කො එකෙත් හැටි.."

"අඩො මෙ උබ හොයාගන්න මනමෙ කුමාරිත් කඩුව වැද්දට දීලා බොට සොට් එක සෙට් කරයිද දන්නැ හොදේ.."

"අනෙ මගෙන් මුකුත් නාහා ඉදපම් විශාලා...මන් හොයාගන්න කුමාරියෙක් නෑ..අනික එකි වැද්දට දෙන්න කලිම් මන්ම කඩුව වැද්දට දීලා ඒකිව මරවලා වැද්දා එක්ක පැනලා යනවා.."

"ආව්...ආව්...ම්ම්ම්ම් වැදි රජෙක් හොයාගන්නද කල්පනාව..හරීම අගෙයි පුතුකියාගෙ බලාපොරොත්තුව.."

"ඔන්න උබත් ඒගමන පටන් ගත්තද..වහගනිල්ලා ඔය ලැට් වලවල් ටික..ඇරියොත් පලාතක්ම විනාසයි.."

"ඔව් ඔව් අපෙ කටවල් තමා ලැට් වලවල්..උබ හොයාගන්නෙ පිච්චමල් බිසෝතෙමෙක්වනෙ.."

මුන්ට කියන කට හොදයි රේල් පීල්ලට තියනවා..

.
.
.
.

අද කලාපෙන් ඇවිල්ලා ඒ අස්සෙම්..එකොන් පීරියඩ් එකේ නිදාගන්නත් නැ හරියට ඇයි ඉතිම් අද නිදාගත්තොත් හෙට මගෙ බොඩිය සූට් කේස් එකකිම් හොයාගන්න පුලුවන් වෙයි..ලේසි නැ අපෙ එකොන් මිස් එක්ක..එ වුනාට ඇස් වැහෙනවනෙ අප්පා..මන් දැක්කා එකොන් මිස් මන් දිහා තුන් පාරක්ම බලලා රැව්වා..ඊලග පාරනම් බඩු හරි පුතෝ..බැරිම තැන නින්ද යාගෙන එද්දිම දකුනු අතේ පෑනෙන් වම් අතට ඇන ගත්තා...........

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now