"මොකද මනමේකල ඇස් ඇරන්..භාවනා කෙරෙන්නෑ වගේද.."

ඉක්කෙයියා..ලැජ්ජාවෙන් බාල්දි එකයි අප්පා..මේකා කිව්ව නම..මනමේකල කිව්වා නෙද..අනෙ අම්මියේ මෙච්චර කල් වටෙ උන්ගෙන් හංගන් ඉදපු නම එලි දැක්කුවා නේද මේකා.. තමාලයටත් බකස් ගාලා හිනාවක් පැන්නා..යෝහ් මුඩුක්කුවෝ මීට වැඩිය හොදයි....අර හාමුදුරුවන්ගෙ ස්ටිකර් එක මතක් වෙන්නෙ මේ අස්සෙ..අපෙ අම්මගෙ තාත්තටත් නිකම් ඉන්න බෑනෙ.. කොහොමත් ඔය වයසක උන්දලට එකාලෙ අමුතු රුදාවල් තිබිලා තින්නෙ..මනමෙ කුමාරයට ලයින් දාපු කෑල්ලකගෙ පුතෙක්ද මන්දා..මන් අහන්නෙ රටේ වෙන නම් තිබිලම නැද්ද..එ මදිවට මූ ඒ නම කොහෙන් හොයාගත්තද මන්දා..ආඩවනේ මුරුගා..ගෙ ඉස්සරහා තිබ්බ මුරුංගා ගහ කඩන් වැටුන දා ඉදම් මට හරී.. අපලයි..

"අප ග්‍රීඊඊඊඊඊඊ ලංකා නමෝඕඔ නමෝඕඕ නමෝඕඕ නමෝ..මා.."

"ටසිරි ආන් රෙද්ද!!!!!!

"ඒහ් අර අර බලාම්..."

නමෝ නමෝ මාතා කියද්දි මේ ලොකෙන් ඈත ඉදපු මම තමාලගෙ ගෝරනාදෙන් හරි සිහියට ආවා..දෙයියනේ කිරිආත්තට ඩෝග් බාක් කිව්වලූ..අපි උදේ වනපු රෙද්ද නේන්නම් අර..අපි ඉන්න තැනට එහාපැත්තෙ තීන ලැබ් එකෙ වහලෙ වනපු රෙද්දට තටු ඇවිල්ලා..මන් කිරිල්ලියක් තමයී..මේන් මගෙ පිහාටු කියලා පෙන්නන්නද
කොහෙද අර උඩින් පාවෙලා එනව..

"ඔයි ඔයි අන්න රෙද්ද එනවා..අඩො ඒකට පන ඇවිල්ලාද බන්.."

ජන්කුක් කොල්ලා මැච් එකේදී ඩ්‍රීමර්ස් කියන්න කලිම් පාවෙලා ආපු හොල්මන් බබාවත් මට මතක් වුනා මෙ කරදර මැද්දෙ..

"ඒකෙ පන කෙසෙ වෙතත් අපේ පන නම් යාවි.."

"අඩො පොන්ට් එකට වැටුනොත් වසලා හමාරයි වුට්ටො..තමාලයා අල්ලපම් දුවලා අල්ලපම් මයෙ අප්පො.."

වැස්සෙ නැති වුනාට හයියෙන් හුලං එයි කියලා අපි හිතුවෙ නෑනෙ..ඒක එනවා..වටේම කොල්ලො ලග ඉන්න එකාට ඇනලා රෙද්ද පෙන්නනවා..ස්කොලේ මහ තැන ඕක දැක්කොත් අපි ගෙදර ගිහිල්ලත් ඉවරයි..ඒක ලෑන්ඩ් කරන්න හදන්නෙත් හැලෙන්න ඔන්න මෙන්න තීන රෙද්ද අතෙන් අල්ලම් අනිත් අතෙ තින කලෙම් වතුර වත්කර කර ඉන්න අක්කගෙ අඩවියට..ඔකට වැටුනොත් ආයෙ හෝදලත් අපරාදෙ වෙනව..
රෙද්ද අල්ලපම් කියලා කියන්නත් කලියෙන් තමාලයා වන අලියා වගේ ලමයින්වත් පෙරලම් ඉස්සරහට දුවගෙන ගියා..

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now