"කෑනොගා මෙන්න මෙහෙට දිහින් ඕක මේවා දැක දැක භාවනා කරන්නද උබ කියන්නෙ මට දැන්..කාපන්"..

" ආ.. මල්ලිලා මොකො මෙ අවේලාවෙ කැන්ටින් අස්සෙ කරන්නෙ ආ..පටන් ගත්ත දවසෙම කන්න ආවද..කො ක්ලාස් වල මිස්ලා නැද්ද.."

හරිනෙ ඔය කරේ ඉතිම් ..කන්න ගත්තා විතරයි නයිට්වරුන්ගෙ මහා නයිටා ආව..නැ නැ හෙඩ්පිපෙට් අයියා නෙමෙ එ කෑගැහුවෙ..ඌ තමා හෙඩ් කියලා හිතන් ඉන්න එකෙක් තමයි ඒ දෙන්න හිතයි වෙලාවකට..

" අප්පට අඩෝ ආන් ද්වීනාෂයා නේද ඕකානම් විනාශයක් ..හික්කෙයියා බන් ඔය සෙක්කියා එක්ක බෑ ඔයී මෙක කරන්න..එ බලපම්කො හෙඩ්පිපෙට් අයියත් ලග ඉන්නොද කියලා ලැජ්ජාවෙන් එකයි ආ"

"ඒ අන්න හෙඩත් එනො බන් කාපුව දැන් බඩට යන්නෙත් නැ වගෙ ඕයි"

නයිට්වරුන්ගෙ ලොක්කා දැක්කට වඩා ලොකු අපහසුවක් මට දැන් දැනෙන්න ගත්තා..අනෙ මන්දා හෙඩ්ප්‍රිෆෙක්ට් අයියා එහෙමත් නැත්තම් මයෙ යසස් අයියා..හරි මගෙ කියන්න බැ තමා එ වුනාට මට නම් මගේ වගේ..එයාව දකිද්දි අමුතු හැගිමක් එනවා..නිකම් උදෙට කාලා ආවෙ නැති වුනාම පපුව හරියෙ යටින් දැනෙන දැවිල්ලත් වගෙ ටිකක්..එ වුනාට අද කාලා ආවෙ ගෑස් වෙන්න නම් බැහ්.. එයාගෙ නිවුනු ගතියට මන් හරි කැමතී..අනෙ එ හිනාව හිත ඇදිල යනවා..එ සුදු මූනෙ හිනාව උදේම දැක්කා කියන්නෙ දවසම සුබයි වගේ..ඒත් දැන් නම් කිසි සුබක් දැනෙන්නෑ ..

" මෙ කටට දෙකට කාල පැනගනිමූ සප්තයෝ හොදෙ..අනෙ අම්මා ලැජ්ජ වෙන්න නම් බැ ..නම තියන් ඉන්නෙ මන්"

කෑවා නෙමෙ පරාටා ටික ගිලල චිකන් හොද්ද බිව්වා වගෙ..එ අස්සෙම් අර විනාසෙත් ලගටම එනවා දැක්කා..මට නම් වෙලාවකට ඕකව පේන්න බැ..වෙලාවකට නෙමෙ කෝමත් පේන්න බැ..මන් දන්නැ ඇයි කියන්න එයාගෙ පුදුම අහංකාර කමක් තියෙන්න එ ලස්සනට අහංකාර බව ගැලපුනත් මට අනුව නම් ඒකා මහා හෝතම්බුවෙක්..

" මල්ලි මොකද මෙ උදෙන්ම කෑම මේසෙ ඔපන් කරන්න ඇවිත්...අවේලාවෙ එන්න බෑයි කියල දන්නවනේද..කමන්නැ දැන් කෑවනෙ ඉක්මන්ට යන්න පන්තිකාමර වලට.."

අනේ ඉතිම් බලන්න..කටහඩ ඇහුනත් නිවෙනවා..බැන්නත් සනීපයි වගේ..නෑ නෑ එ බැන්නා නෙමෙ..එයා හොදින් කිව්වා..ඔයා යන්න කියනවනම් මන් යන්නම් සුද්දො...අනේ ඒකට යසස් අයියගෙ එහා පැත්තෙ ඉදම් අරකා අපිට දාගෙන රවනවා නේද...අනේ ඔය රැවිල්ලට ඇස් දෙක බිමට වැටියන්.. පතෝල හිවලෙක් වගෙ බලන් ඉන්න කැත..එව්ව් ඔය වගෙ අය ගැන හිතලා මගෙ කාලෙ වැය කරගන්න හොදම නැහැ..
තමාලයා මාවත් ඇදම් යසස් අයියට යන්නම් කියාගෙන ගියා.. මට යසස් අයියා එක්ක කතා කරද්දි දිව කොටයි වගෙ දැනෙන්න ගන්නවා..ඉතිම් මන් පුරුදු පරිදි හිනාව විතරක් දිලා ආවා...

දෑගිලි ✔( complete )✨Where stories live. Discover now