ඔයා මටත් එක්ක කොෆී ගත්තද...

ඔව්...මම අද අපි දෙන්නටම කෑම හදන් ආවා...

ඔහ්..වාව්..ඒක නම් මරු....

සුහෝ..?

කියන්න ඔලී...

නෙක්ස්ට් වීක් එකේ බීටීඑස් ලගේ කොන්සර්ට් එක..අපි යන්ද ඒක බලන්න..මම යන්න හිටියේ..ඒත් මට හිතුනා ඔයා එක්ක යන්න..ඔයා කැමති නම්...එනවද...?

ඕක අහන්නත් දෙයක්ද ඔලී...මම නම්ජුන් හියුන් ගෙයි ශුගා හියුන් ගෙයි ෆෑන් කෙනෙක්..අනික් අයටත් ආසයි...අර දෙන්නට ගොඩක් ආසයි....

ජින්ජා...මම හිතුවේ ඔයා ආමි කෙනෙක් නෙවෙයි කියලා...

අයිගෝ....මෙහේ හැමෝම ආමිලා වගේ තමයි....

ඒක නම් ඇත්ත...

ඔයාගේ බයස් කවුද ඔලී...

අහ්..ඒක..මේ....ජන්කුක් ජන්කුක් තමයි මගේ බයස්...

ඕහෝ..එහෙමද....ඒක නෙවෙයි අපි ටිකට්ස් බුක් කරන්නේ කෝමද...

ම්ම්..අපිට වීවර්ස් එකෙන් බලමු...

අහ් ඕකේ...ඉන්න බලනකන්..

අපි දෙන්නම වීවර්ස් එකට ගිහින් ටිකට්ස් බුක් කරන අතරේ මම හිතිවේ සුහෝට කන්ග් සර් මට දුන්න ලියුම ගැන කියන්නනුනත් මම හිතුවා ඒක බලලම සුහෝට කියනවා කියලා.ඒක නිසාම මම සද්ද නැතුව හිටියා.පැයක් වගේ කාලයක් ඇතුලත මමයි සුහෝයි අපි දෙන්නම ටිකට්ස් දෙකක් බුක් කරලා ඉවර උනා.

අම්මෝ..මේකේ අමාරු ඔලී....

ඔයා මීට කලින් ගිහින් තියෙනවද...

ඔව් එක පාරක් ගියා...ඒත් මට හදිසියේ එන්න උනා  අම්මාට අසනීපයි කියලා... කාලේ මේ ඇප් වලින් නෙවෙයි තිබ්බේ ටිකට් බුක් කරන්න...

අහ් එහෙමද...ඒකනේ...මොන එකටද ගියේ...

ලව් යුවර් සෙල්ෆ් කොන්සර්ට් එකකට ගියේ...

ඕහ්..සුහෝ..අනේ මගේ ආසම එකක් ඒක....

දැන් ඉතින් ඉයා ගොඩක් වාසනාවන්තයි මේකට යන්න ඉතින්.ඔන්න ඒකත් හරිනේ....

ම්ම්.....

සුහෝ මගේ නහය සෙල්ලමට වගේ මිරිකලා එහෙම කියද්දි මමත් හිනා වුනේ එයත් මං දිහා බලලා හිනා වෙද්දිමයි.අපි දෙන්නම කාලා ඉවර වෙලා ආයෙම ලෙක්චර්ස් වලට ගියේ ටික වෙලාවක් කතා කර කර ඉදලා.ඒ එක්කම මට හැමතිස්සෙම මතක් උනේ කන්ග් සර් දුන්න ලෙටර් එක.

__________________________________
A/N
ලොකු එකක් ටයිප් කරන්න බැරි උනා.මේ දවස්වල වැඩ ගොඩයි.

Unexpected wishTahanan ng mga kuwento. Tumuklas ngayon