My Little Flower 23🌹

Start from the beginning
                                    

කෑ ගහලා ගහලා බැරිම තැන යීබෝ සාලෙට ඇවිත් ටීවී එක ඔෆ් කරලා දැම්මා. කාටුන් එකේ හොඳම හරිය ටීවී එකේ ළඟටම ගිහින් එබීගෙන බල බල හිටපු ජාන්ට එකසැරේ ටීවී ස්ක්‍රීන් එක කළු වුනා විතරයි මල පැන්නා. ඒත් යීබෝගේ යක්ෂ මූන දැක්කා විතරයි කොල්ලට උන් හිටි තැනුත් අමතකයි. ජාන් හොර මීයා වගේ යීබෝගෙ පස්සෙන් යන ගමන් ටීවී බලන්න නොදීපු තරහට යීබෝට නෑහෙන්න හෙමින් බැන බැන ගියා.

 ජාන් හොර මීයා වගේ යීබෝගෙ පස්සෙන් යන ගමන් ටීවී බලන්න නොදීපු තරහට යීබෝට නෑහෙන්න හෙමින් බැන බැන ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ... ම්හුක්...මහ හොඳ නෑ අප්පා..

මොනවද කුටු කුටු ගාන්නේ ආ..? මට ඇහෙනවා හරිද?

කුටු කුටු ගගා හොරාට කියව කියව එන ජාන් දිහා බලලා යීබෝ කියනකොට ජාන් හොඳ එකෙන්ම රවාගෙන ඇවිත් කෑම මේසෙන් වාඩි වුණා.
යීබෝත් මේසෙට වාඩි වෙලා ජාන්ටත් කෑම බෙදලා දීලා කන්න ගත්තත් යීබෝ එක්ක තිබුණු තරහා ජාන් කෑම එකෙන් පිට කරන්න ගත්තා. පිඟානේ තිබුණු මස් කෑල්ලට ගෑරුප්පුවෙන් ඇන්න පාර කුකුල් කෑල්ල පියාඹලා ගිහින් නතර වුනේ යීබෝගෙ පිඟානේ.

ජාන්.. මේ මොකද මේ?

යීබෝ එකසැරේ පිඟානට වැටුන මස් කෑල්ල ආයේ ජාන්ට දෙන ගමන් අහද්දි ජාන් කලේ යීබෝට රවලා මස් කෑල්ලත් උදුරගෙන එක පාරට ඒක කාගෙන කාගෙන ගියපු එක. එක කටක් ගිලින්න කලින් අනිත් කෑල්ලත් කටේ පුරව ගත්ත ජාන්ගෙ කම්මුල් දෙකම හොඳටම පිම්බිලා. විකාගන්නත් බැරුව, ගිලගන්නත් බැරුව දැන් ජාන් වැටිලා ඉන්නේ මාර අමාරුවක. ජාන්ගෙ මේ විකාර දැකලා දැන් යීබෝ එලියට පනින්න දඟලන හිනාව හිර කරන් ඉන්නේ මාර අමාරුවෙන්. ඒ අස්සෙත් ජාන් දිහා බලන් ඉන්න යීබෝට ජාන් දමාගෙන රවනවා. අන්තිමට කට පුරවන් හදිසියට කන්න ගිහින් ජාන්ට මස් කෑල්ලක් හිර වෙලා ලොකු කැස්සකුත් හැදුනා.

My Little Flower (Yizhan ff💯✅)Where stories live. Discover now