My Little Flower 19🌹(Bonus)

260 53 26
                                    

ජාන්ව ඇඟ හෝදගන්න යවලා කෑම ඕඩර් කරපු යීබෝ ගෙදර ටිකක් අස් පස් කරලා දැම්මේ මිනිස්සු ඇවිත් ගේ ටිකක් අපිළිවෙල වෙලා තිබුණ නිසා.

************************************

පැයක් විතර ඇඟ හෝදපු ජාන් එලියට ආවේ සැහැල්ලු කමිසයකට කොට කලිසමක් ඇඳලා. දැන් නම් ටිකක් කොල්ලගේ මලානික පෙනුම අඩු වෙලා තිබුණා. ඒත් ඇස් දෙක නම් තාමත් රතු වෙලා. කොල්ලා බාත් රූම් ගිහිනුත් හොඳටම අඬලද කොහෙද.

ආ... ජාන් ආවද? මං මේ ඒත් බැලුවා තාම නැත්තේ මොකද කියලා.

යීබෝ දිහා බලලා පේන නොපෙනෙන ගානට යන්තමට පොඩි හිනාවක් දීපු ජාන් එද්දී හැඩි වෙලා තිබුණ ඒත් දැන් පිලිවෙලට තියෙන ගේ දිහා බලලා පුදුමෙන් වගේ යීබෝ දිහා බැලුවම යීබෝ හිනා වුණා.

මොකද පුදුම වෙලා වගේ බලන්නේ. මං හැඩි වෙලා තිබුණ ටික ඉතින් අස් කරලා දැම්මා.

ඒ..ත්..

ඒත් මේත් නෙමෙයි. අන්න කෑම ගෙනැල්ලා තියෙන්නේ. එන්න කන්න යමු. මට බඩගිනියි.

ජාන්වත් මේසෙට ඇදගෙන ගියපු යීබෝ ජාන්ටත් බෙදලා එයත් බෙදා ගත්තා.

කෑම එක අතට ගත්තත් ඒක කූරු ගගා හිටියා මිසක් ජාන්ගෙ පිඟානෙන් නම් බත් කටවල් දෙකක් වත් ඉවර වෙලා තිබුනනේ නෑ..

ජාන්, මොකද අත ගගා ඉන්නේ, කන්නේ නැද්ද?

මට්..ට ඇචි වගේ..

ඇචි වගේ, ඇචි චමා.. මගෙන් ගුටි කන්නේ නැතුව ඔක්කොම කන්න.

මට බෑ...

ජාන් කෑම එක ඉස්සරහට තල්ලු කරලා මූනත් බෙරි කරන් අහක බලා ගත්තා. ඒ ඉන්න විදිය දැකලා යීබෝට කන බත් කටත් ඉස්මොලේ යන්න ගිහින් නූලෙන් බේරුනේ....

කැහ්... කැහ්... කැහ්...

යීබෝට බත් කට හිර වෙලා කැස්සක් එද්දී, ජාන් ඉක්මනට වතුර එකක් ගෙනැල්ලා යීබෝට පොවලා පිට අත ගාන්න ගත්තෙ යීබෝට කන පැලෙන්න බනින ගමන්.

ඕක්කනේ කියන්..නේ.. ක්.කෑම කනකොට කත්තා.. කරන්න එපා..ක්.කියලා.. හොඳ වැඩ්..ඩේ මට බැන්..නට.

වතුර එක බීලා යන්තන් බත් කට උගුරින් පල්ලෙහාට යවා ගත්ත යීබෝ අන්තිමට කතා කරන්න ගත්තේ ජාන්ගේ ටකරන් වොයිස් එක දරා ගන්න බැරි වුන නිසා..

My Little Flower (Yizhan ff💯✅)Kde žijí příběhy. Začni objevovat