chapter 05 - Blackmail 🗣️💘

335 37 1
                                    

කිචන් එකට ගියපු මිසිස් සේහි වතුර භාජනයක් ගෙනල්ල තාමත් නිදිමත විකාරෙන් හිටපු ෆ්‍රෙයා ගේ ඔලුවටම අත ඇරියෙ මිසිස් ජියොන් වගේම ජන්ග්කූක් ත් මහසෝනා ගහල වගේ අම්මයි දුවයි දිහා බලාගෙන ඉද්දි..... කූල්ම කූල් වතුරෙන් ඔලුවෙ ඉදන්ම නාගත්ත ෆ්‍රෙයා ගැස්සිලා වගේ ඇහැරුනේ ඇගට දැනුන ගල් වෙලා යන සීතලට.....

" ආහ්....don't care guys ..... මේ කෙල්ලව මෙහෙම නැතුව ලේසියෙන් ඇහැරවන්න බෑ....මේව normal...."

මිසිස් සේහි , මිසිස් ජියොන් & ජන්ග්කූක් දිහා බලාගෙන එහෙම කිව්වෙ ෆ්‍රෙයා තුන්දෙනාටම ගස්සගෙන කාමරේට යද්දි....කෙල්ල පුපුරන්න ඔන්න මෙන්න....අන්තිමේදි පැත්තක හිටපු ජියොන් පවුලටත් කෙල්ලගෙ ගැස්සිලි පැද්දිලි බලන්න වුන එක තමයි යසම වැඩේ.....

" පුතා ඇවිත් කන්න....එයා කොහොමත් දැන් කන්න එන්නෙ නෑ...."

මිසිස් සේහිගෙ බලකිරිල්ල නිසා මිසිස් ජියොන් & ජන්ග්කූක් දෙන්නම කෑම අරගත්ත....ඒත් ජන්ග්කූක් ට නම් ටිකක් බෝරින් වගේ....ඔම්මල දෙන්නගෙ කච කචේ ඉවසන්නම බැරි තැන කොල්ල dining table එකෙන් නැගිට්ටා.....

" ආන්ටි මට ෆ්‍රෙයා ගේ කෑම එක දෙන්නකො....මන් එයාට ගිහින් දෙන්නම්...."

වෙන කරන්න දෙයක් නැතිම තැන කොල්ල එහෙම කිව්වෙ මෙතන ඉදන් මේ කතා අහන් ඉන්නවට වඩා ෆ්‍රෙයාගෙ රැවුම් ගෙරවුම් හොදයි කියල හිතුන නිසා.....

" අනේ මන්ද පුතා....ඔය කෙල්ල නම් දැන් කන එකක් නෑ....."

" ආහ්....ඒක ගැන වද වෙන්න එපා ආන්ටි මන් ඒක බලාගන්නම්....ආන්ටි කෑම එක දෙන්නකෝ..... "

එතනින් ගැලවෙන්න තිබ්බ උවමනාවට කටට ආපු එක කියල දැම්මත් ජන්ග්කූක් වත් දන්නෙ නැතුව ඇති එයා කියපු එකේ තේරුම....මිසිස් සේහි හොදටම දන්නවා ෆ්‍රෙයා ට තරහ ගියාම එයා කෑම නොගන්න බව....ඒක නිසාම සැන්විචස් දෙකක් එක්ක strawberry milk bottle එකක් ජන්ග්කූක් ට දුන්නෙ පුලුවන් නම් කෙල්ලට කවල පෙන්නපන් වගේ බැල්මට් එකක් දාලා.....
ඒක දැකපු මිසිස් ජියොන් ට හිනා ගියත් අපෙ කුක්සන් ගේ නම් ඉහමෝලෙ රත් වුනා....කොල්ල ටිකකට කලින් කියපු වචන ටික ජන්ග්කූක්ගෙ කන් දෙකේ දෝන්කාර දෙනව වගේ දැන්....කොල්ල හොදටම දන්නවා ෆ්‍රෙයා කියන්නෙ මුරන්ඩුකමේ උල්පත කියල.... එහෙව් එකේ මන් මොන ඉටිගෙඩියකට ඒ වගේ කතාවක් ආන්ටිට කිව්වද කියල තමයි කොල්ල ඒ වෙලාවෙ හිතුවෙ.....

MISS . JJK ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙 ) Where stories live. Discover now