chapter 04 - neighbors 👫🤝

En başından başla
                                    

ෆ්‍රෙයා ඉක්මන් අඩියෙන් එයාගෙ ඔම්ම ලගට ගිහින් වාඩි වුනේ mrs jeon ටත් ලස්සනට හිනාවෙලා....

" ඔමො....බලන්නකෝ මේ චූටි කෙල්ලගෙ ලස්සන...."

" ඒකනේ යොබූ...photos වලින් දැක්කට වඩා නම් ඇත්තටම ලස්සනයි...බෝනික්කියක් වගේ..."

Mr&mrs jeon ගේ කතා වලට ෆ්‍රෙයා එන්න එන්නම රතුවුනා....
ඒ වෙලාවෙ තමයි එයාලත් එක්ක ආව කොල්ල ඔලුව උස්සලා ෆ්‍රෙයා දිහා බැලුවෙ....
ෆ්‍රෙයාත් ඒ වෙලාවෙ තමයි ඒ කොල්ලවත් හරියට දැක්කෙ....දෙන්නම නිකන් දැන් මහසෝනා ගහල වගේ දෙන්නගෙම දිහා බලාගෙන ඉන්නවා....

" ඔයා..."

" ඔයා..."

කෙල්ලට නම් පුදුමයි....එතකොට එයාගෙ neighbor මේ කොල්ල....

" ඔහ්...ඔයාලා දෙන්න කලින් ඉදන් දන්නවද...."

Mrs . Sehi ඇහුවෙ mr&mrs.jeon දෙන්නටත් තිබ්බ ප්‍රශ්නෙමයි....

" අහ්...මේ...ඔ..ඔව්....මන් කලින්...දැකල තියනවා මෙයාව....යුනි...එකේදි...."

කෙල්ල කිව්වෙ හෙමීට.... ඒ වෙලාවෙ නම් මිසිස් ජියොන් ට ලොකු හිනාවක් ගියා....

" වාහ්....එතකොට ඔයත් යන්නෙ බුසාන් නැශනල් එකටද...."

මිසිස් ජියොන් ඇහුවෙ සතුටින් උඩ පැන පැන වගේ....

" ඔව්...ආන්ටි...."

" අනේ ....ශෝක් නේ.... දුව මොන ෆැකල්ටි එකේද...."

" මන් මෙඩිකල් ෆැකල්ටි එකේ...."

" දෙයියනෙ මේ කොල්ලත් ඒකෙම තමයි.....වාව් ඒ කියන්නෙ දෙන්නට එකටම ඉන්න් පුලුවන් නේ...."

මිසිස් ජියොන් එහෙම කියද්දි කෙල්ලට ඉබේම බැලුනෙ අර කොල්ල දිහා... හැබැයි ඒ වෙනකොටත් ඒ කොල්ල හිටියෙ ෆ්‍රෙයා දිහා බලාගෙන....

" ඉතින් ජන්ග්කූක් පුතා .... කොහොමද මේ දවස් වල වැඩ එහෙම...."

මිසිස් සේහි , ජන්ග්කූක් ගෙන් එහෙම අහනකොට කොල්ල හිනාවෙවීම උත්තර දුන්නා....

MISS . JJK ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙 ) Hikayelerin yaşadığı yer. Şimdi keşfedin