06

226 26 28
                                    


උදෙන්ම යුනි ආව ජන්කුක් හිටියෙ කැෆ්ටෙරියා එකෙ වැඩිය ළමයි නැති නිදහස් තැනක බනානා මිල්ක්ශෙක් එකක් බොන ගමන්. උදේම නිසා කැෆ්ටෙරියා එකේ ළමයි නොහිටපු තරම්.

සාමන්‍යයෙන් ජන්කුක් කියන්නේ ගොඩක් නිදහසේ ඉන්න කැමති කෙනෙක්. කොල්ලා ගොඩක්ම කැමති වුණේ ජනාකීර්ණ පරිසරයෙන් ඈත්වෙලා හුදකලා පරිසරයේ ඉන්න.

" මම කරේ වැරැද්දක්ද?..."

හොඳ හුස්මක් ගත්ත ජන්කුක් එයාටම මුමුණ ගත්තෙ හිතේ ලොකු පසුතැවීමක් එක්ක.

කොල්ලා හිටියෙ ලොකු කල්පනාවක.ජන්කුක් දිහා බලන ඕන කෙනෙක්ට තෙරෙනවා එයා ඉන්නෙ ලොකු දුකකින් කියලා. ඒත් ඇත්තටම ජන්කුක් හිටියෙ වෙනස් ම හැඟීම් වලින් හිත පුරෝගෙන. තමන් පසුතැවෙන්න ඕනේද? සතුටු වෙන්න ඕනේද? කියලා කොල්ලා කොල්ලගේ හිතෙන්ම අහගත්තා.

" අනි ඒ--ඒ වෙලාවේ මන් කරේ මගේ හිත කිව්ව දේ නෙ? ඒ--- ආශ් මට තේරෙන්නේ නෑ. ම්.මන් මොකද කරන්නේ...."

එක අතකින් ඔලුවට ගහගත්ත ජන්කුක් බනානා මිල්ක්ශෙක් එකෙන් උගුරක් බිව්වේ ඊයෙ රෑ වුණ දේවල් මතක් කරන් ගමන්.

_______ Flashback______

ජන්කුක් හිටියෙ එයාගෙ කාමරේ බැල්කණි එකට වෙලා තරු වලින් පිරිලා තියන රෑ අහස දිහා බලාගෙන. හද වටේ තියන තරු දිහා ජන්කුක් බලන් හිටියෙ සතුටින් ඒත් ඒ හිත මොකද්දෝ ලොකු දුකක් පිරිලා තිබ්බා. 

අත් වැට තද කරලා අල්ලගෙන හිටිය ජන්කුක් හොඳ හුස්මක් පහත හෙළන ගමන් ඇස් තද කරලා පියාගත්තෙ එළියෙන් හමන් එන සිසිල් සුළඟට ඒ ශරීරය සීතලෙන් වහගන්න දිලා. ඇගේ මවිල් කෙලින් වෙන තරමටම ලොකු සිතලක් තිබ්බත් ඒ බවක් ජන්කුක්ට ගාණක් වුණේ නෑ.

" ඔප්පා..."

තමන්ගෙ පිටිපස්සෙන් ඇහුණ හායුන්ගේ හඬට පියවි සිහියට ආව ජන්කුක් පිටිපස්ස හැරුණේ පුදුමෙන්.

" යූනා!... "

" අනෙ ඔප්පා මට නින්ද යන්නෙ නෑ නෙ..."

හායුන් ජන්කුක් ළඟට ළංවෙන ගමන් කියනකොට කොල්ලා කරේ හුස්මක් පහත හෙලුව එක.

Kamu telah mencapai bab terakhir yang dipublikasikan.

⏰ Terakhir diperbarui: Dec 12, 2023 ⏰

Tambahkan cerita ini ke Perpustakaan untuk mendapatkan notifikasi saat ada bab baru!

ENDLESS LOVE <||PJM||> my director season 02 ONHOLDTempat cerita menjadi hidup. Temukan sekarang