05

142 23 12
                                    

" යූනා ඇයි මැණික ඔයා මාව දාලා ගියේ..." 

තරුණයෙක් හිටියෙ තමන්ගෙ කාමරේ ඇද මත ඉඳගෙන සුදු කොට්ටයක් අතේ තියාගෙන. 

" මන් ඔයාට ගොඩක් රිද්දුවා මැණික. ගොඩක් රිද්දුවා!!!..."

බඩු හැමතැනම විසිරිලා තිබු එම කාමරයේ කොල්ලගේ විලාපය දෝංකාර දුන්නා. මෙච්චර වෙලා ලා දුඹුරු පාටට තිබ්බ ඔහුගෙ ඇස් තද රත් පැහැයකට හැරුණේ මුණේ භයානක හිනාවක් ඇදෙන කොට.

" මේ හැමදේටම මුල මේ තිරිසනා..."

කණ්ණාඩිය මතින් පේන තම ප්‍රතිබිම්බය දෙසට ළඟම තිබු මල්වාස් එකක් කොල්ලා විසික් කරන්නේ වේදනාවෙන් කෑ ගහන ගමන්.

රත් පැහැයට හැරිලා තිබ්බ ඇස්, අත් වල බෙල්ලෙ මතු වෙලා තියෙන කොළ පාට නහර, ඇග දිගේ ගලන ලේ, ඔහුගෙ මත් ගතිය ඇත්තෙන්ම ඔහුට එක්කලේ භායනක පෙනුමක්. තව කෙනෙකුට බලන්න නොහැකි තරමටම ඔහුගෙ රුව විකුර්ති වී තිබුණා.

" උඹ තමා මේ හැමදේටම මුල!!!..."

ඉරිතැලි ගිය කණ්ණාඩියෙන් පේන තමන්ගෙ රුව දිහා බලන් ඔහු වියරුවෙන් හිනාවුණේ එක අතකින් ඔහුගෙ කොන්ඩෙ ඇද ගන්න ගමන්.

" මගේ මැණික මාව දාලා ගියේ උඹ නිසා. මගේ දරුවා මට නැති වුණේ උඹ නිසා!!!..."

තව තව වියරුවෙන් හිනාවුණ ඔහු අතට ගත්තෙ තරමක් ලොකු විදුරු කෑල්ලක්.

" මන්.මන් උබව නැති කරලා දානවා!. ඔව්. උඹ නිසා කිදෙනෙක් මැරුණද? මන් අද උබව මරලා දානවා!!!!...."

විදුරුව අතේ තද කර ගන්න ගමන් ඔහු කෑ ගැහුවේ මුළු ගෙදරම දෙදරලා යන විදියට. ඒත් එක්කම ඔහු ඔහුගෙ පපුවට වීදුරුව ඇණ ගන්නෙ මුහුණේ තිබුණ භයානක හිනාව වෙනස් නොකරමයි.

" හ්--හා අ--දින් ප--ස්සේ උ--බට බ්--බෑ ම්--මා--ව පා--ලනේ ක්--කර--න්න...."

ලේ ගොඩක් මැද බිම වැටී සිටි ඔහු වියරුවෙන් හිනාවෙන ගමන් වීදුරුව තම පපුවට තද කරගන්නෙ කටින් ලේ පනින විදියට.

" ස්--සරන්--හේ ක්කා ම්--මගේ ම්--මැ--නික...."

ඇස් පියවෙන මොහොතකට කලින් ඔහු මිමිනුවේ ඉස්සෙල්ලා තිබු බයානක හිනාවෙන් නොව ආදරේන් පිරුණු හිනාවක් ඒ මුහුණ සරස ගෙන.

ENDLESS LOVE <||PJM||> my director season 02 ONHOLDWhere stories live. Discover now