03

144 26 15
                                    


Next Day Morning.

කාමරයේ ඇද උඩ හාන්සිවී හිටිය ජන්කුක් හිටියෙ එයාගෙ ඉනවටා එතිලා තියන හායුන්ගේ අත එක අතකින් අල්ලගෙන සිවිලිම දිහා බලන්. කොල්ලට ඊයේ රෑ නින්ද ගියෙම නෑ. හිතේ තියන කලබල ගතිය නිසා කොල්ලට හරි නින්දක් ලැබුණේ නෑ. සැරින් සැරේ එයාට තුරුලු වෙලා ඉන්න හා පැටියාගේ දැගලිල්ල නිසා කොල්ලට කොහෙත්ම නින්ද ගියෙ නෑ.

හිස් හැඟීමකින් මුළු හිතම පිරිලා තිබ්බ කොල්ල කරේ ඔහෙ බලාගත් අත බලාගෙන හිටිය එක. ඒත් එක්කම එයාගෙ පපුවට ඔලුව තියාගෙන එක අතක් තමන්ගෙ බඳවටා යවා තදින් බදාගෙන හිටිය හා පැටියෙක් වගේ නිදන් ඉන්න හායුන්ගේ කෙදිරි එක්ක ටිකක් එහාට මෙහාට ඇඹරෙන්න ගත්තෙ වෙනම සිහියක හිටිය ජන්කුක් පියවි සිහියට ගෙන්නන ගමන්.

ඔලුව උස්සලා තමන්ගේ පපුව උඩ ඔලුව තියන් ඉන්න එයාගෙ මුළු ලෝකෙම වුණ හායුන් දිහා බැලුවේ හිනාවක් එක්කමයි. කෙල්ලව ඈත් නොකරම ටේබල් ලැම්ප් එකට අත යැවුව කොල්ලා ෆෝන් එක අතට ගත්තෙ වෙලාව බලන්න.

7 a.m ලෙස ෆෝන් ස්ක්‍රින් එකේ දිස්වෙන කොට කොල්ලා අකමැත්තෙන් වුණත් එයාට තුරුලුවෙලා සැප නින්දක ඉන්න හායුන්ව ඈත් කරා. කෙල්ලව ළඟින් ඈත් කරපු කොල්ලා හායුන්ගේ නලල සිප ගෙන වොෂ් රූම් එකට ගියා.
.

.

.

.

.

.

.

.

.

.

පැට භාගයක් සිතල වතුරින් නා ගත්ත ජන්කුක් කාමරේට එන්නෙ සුදු ටවල් එකක් ඇද ගෙන, තව පොඩි ටවල් එකකින් ඔලුව පිහිදන ගමන්. වොෂ් රූම් එකෙන් එළියට ආව කොල්ලගේ ඇස් යන්නෙ ඇද උඩ ඉදගෙන තාමත් ඇස් පියන් ඉන්න එයාගෙ හුරතල් දොන්සේන් දිහාට.

හායුන් ඉන්න විදියට කොල්ලට හිනාවක් ගියේ ඉබේමයි. අවුල් වුණ කොන්ඩේ, කටෙ එක පැත්තක තියන කුණු කෙල පාර, එහාට මෙහාට වුණ ඇඳුම්, තාමත් ඇද උඩ ඇස් පියන් ඉඳගෙන තලූ ගහන කෙල්ලව දකිනකොට කොල්ලට හිනාවක් ගියේ ඒ විදියට හායුන් ඉන්නකොට ජන්කුක්ට එයාගෙ දොන්සේන්ව ගොඩක් කියුට්ව පෙනුණ නිසා.

ENDLESS LOVE <||PJM||> my director season 02 ONHOLDWhere stories live. Discover now