01

237 33 17
                                    


A/N

ලස්සන සුදු උස කොල්ලෙක් යුනි එකට ඇතුලු වුණේ විශිල් එකක් පිඹින ගමන්. විශිල් එකත් පිඹ පිඹ ලෙච්ච හෝල් එකට ආව කොල්ලා මුළු හෝල් එක ඇතුළේම ඇස් අරන් ගියේ කෙනෙක්ව හොයන ගමන්.

" ඔය ඉන්නෙ..."

මුළු හෝල් එකේම ඇස් අරන් ගිය කොල්ලගෙ ඇස් නැවතුණේ හෝල් එකේ මැද පේලියක ඉන්න කෙල්ල දැකලා. එක අතක් නිකටින් තියාගෙන නිදහස් අතේ ඇගිල්ලකින් මෙසේ මොනාදෝ කුරුටුගගා තනියම හිනාවෙන කෙල්ල දිහා කොල්ලා බලන් හිටියෙ පිස්සෙක් දිහා බලන් ඉන්නවා වගේ.

" එයාට මොනා වෙලාද?... "

තමන්ටම මුමුණ ගත්ත කොල්ලා තනි අන්ඩෙන් එල්ලන් හිටිය බෑග් එක උස්සලා පිටට තද කර ගන්න ගමන් ලං වුණේ මෙලෝ සිහියක් නැතුව හිනාවෙන කෙල්ල දිහාට.

" යූනා... "

කොල්ලා කෙල්ල ළඟට ගිහින් කතා කරත් කෙල්ල හිටියෙ එයාගෙම ලොකෙක අතරමං වෙලා.

" ආශ්. මොන ලෝකෙ ඉන්නවද මන්දා?..."

කොල්ලා තමන්ටම මුමුණ ගන්න ගමන් කරේ තිබ්බ බෑග් එක මේසේ උඩට විසිකරේ ලොකු සද්දයක් එක්ක. ඒ සද්දෙට හෝල් එකේ හිටිය ළමයි හැමෝම කොල්ලා දිහා බැලුවත් කොල්ලා ළඟ ඉන්න කෙල්ලට නම් ඒ සද්දේ ඇහුනෙවත් නෑ.

" යූනා... "

" ආශ් ජොන් හායුන්!!!!..."

කොල්ලා කොච්චර කතා කරත් වෙන සිහියක හිටිය කෙල්ලට ඇහුණේ නැති නිසා කොල්ලා කෙල්ලගේ කන ළඟට ලං වෙලා කෑ ගැහුවේ මනෝපාර ගහන් හිටිය කෙල්ල ගැස්සිලා පියවි සිහියට එනකොට.

××××××××××××××××××××××××××××××××××

ජොන් හායුන්,

හායුන් කියන්නේ ජොන් පවුලේ බාලයා. අවුරුදු 20ක් වුන කෙල්ල යුනි එකේ පලවෙනි අවුරුද්දෙ ඉගෙනුම ලබනවා. ඒ වගේම හායුන්ට ඉන්නවා එයාගෙම කියලා ලස්සන ඔප්පා කෙනෙකුත්.

××××××××××××××××××××××××××××××××××

" ආශ් ජීහියුං තමුන්ට පිස්සුද ආ? ආව්වා මගේ කන...."

හායුන් කනත් අතගගා කෑ ගහනකොට ජීහියුං කරේ කෙල්ලට ඇද කරපු එක.

ENDLESS LOVE <||PJM||> my director season 02 ONHOLDWo Geschichten leben. Entdecke jetzt