ඒ එක්කම කොල්ලගේ එහා පැත්තෙන් හාන්සිවුණ කෙල්ල ජන්කුක් පැත්තට හැරුණේ කොල්ලත් කෙල්ල දිහා අසාවෙන් බලන් ඉන්නකොට. 

" ඔප්පා..."

" ම්ම්ම්..."

" මන් හරි අමුතු හීනයක් දැක්කනෙ... "

" හීනයක්?...''

'' හ්ම්ම්..."

" මොකද්ද?... "

තමන්ගෙ ළඟ හුරතල් වේවි කතා කරන තමන්ගෙ දොන්සේන් දිහා ජන්කුක් බලන් හටියේ ගොඩක් ආදරෙන්.

" හරියටම පැහැදිලි නෑ ඒත් ඒ හිටියෙ ජිමින් ඔප්පයි, සෙලින් ඔන්නි. මාත් එතන හිටියා. එතන වුණ දේවල් මට වැඩිය පැහැදිලි නෑ ඔප්පා. ඒත් සේ--සෙලින් ඔන්නි හිටියෙ ඔප්පගේ උකුල උඩ ම්--මන් හිටියෙ ඒ දිහා බලාගෙන. මන් හොදටම ඇඩුවා ඔප්පා ඒ දිහා බලන්...."

හායුන් ඇස් වල කඳුලු පුරවන් කියනකොට ඒ දිහා කොල්ල බලන් හිටියෙ හිස් හැඟීමකින්.

" අඬන්න එපා යූනා.ඒක හීනයක් හරිද?... "

හායුන්ගේ ඔලුව අතගාන ගමන් ජන්කුක් කිව්වේ කෙල්ලව සනසන්න බලාපොරොත්තුවෙන්.

" ඒත් ඔ---

" ශ් දැන් නිදාගමු. මට ගොඩක් නිදිමතයි...."

ජන්කුක් එහෙම කියලා කෙල්ලගේ ඔලුව අතගාන්න ගත්තෙ කෙල්ලව නිදාකරන්න හිතාගෙන.

" ගුඩ් නයිට් ඔප්පා..."

" ගුඩ් නයිට් මගේ පැටියෝ.... "

හායුන්ගේ නළලට හාදුවක් තිබ්බ ජන්කුක් කෙල්ලගේ සිනිදු කෙස් අතර ආයිමත් ඇගිලි අරන් ගියා. ටික වෙලාවකට පස්සෙ හායුන්ට නින්ද ගියේ ජන්කුක්ගෙ තුරුලෙමයි.

තමන්ගෙ පපුවට තුරුල් වෙලා ඉන්න හායුන් දිහා බලන් හිටපු ජන්කුක්ට නම් නින්ද අහලකවත් තිබ්බෙ නෑ.

ඒත් ඒ හිත හැඟීම් ගොන්නක් හිරවෙලා තිබ්බා. දුක,සතුට,කලකිරීම,පසුතැවිම වගේ ගොඩක් හැඟීම් කොල්ලගේ හිතේ ඒ මොහොතෙ තිබ්බා.
.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

" මන් මේ පාරත් පරක්කු වැඩි වුණාද මගේ යූනා?... "

හායුන්ගේ ඉනවටා අත් යවපු ජන්කුක් කෙල්ලව තමන්ට තවත් තුරුලු කර ගත්තෙ හිතෙන් එහෙම අහන ගමන්.

_________________________________________

හී හී ඔයාලව අවුස්සන්න ආවෙ... 😁

ගුඩ් මොනින් මයි මෝචිස්... 🌄

ඔයාලගෙ අදහස් කියන් යන්න...

සරන්හේ... 😘

ENDLESS LOVE <||PJM||> my director season 02 ONHOLDWhere stories live. Discover now