" එයා අඩන්නැතුව බෙහෙත් ටික බීවා නේද ජින් හ්‍යුන්ග්..."" ඔව් කුකී.. සෝහා බබා කෑම ටිකත් කාලා බෙහෙත් ටිකත් බීලා සනීපෙට නිදි දැන්.. ඒක නෙවෙයි අද කලින් ආවෙ ඇයි කුක්.."
පපුව පේන විදිහට බට්න්ස් 3ක් ගලවලා වැලමිට දක්වා නවපු රෝස පාට ශර්ට් එකකුත්, බිමට ගෑවෙන තරම් දිග ලූස් අලු පාට පෑන්ට් එකකුත් ඇදන් හිටපු ජින් ජංකුක් ට පිළිතුරු දුන්නේ නලලට වැටිලා තියෙන තඹ පාට කෙස් රොද අතකින් දෙපසට කරමින්.
" බබාට අසනීප නිසා ජිමින් මාව කලින් එව්වා හ්‍යුන්ග් "
" කලින් ආවට කමන්නෑ. නිදාගෙන ඉන්න දරුවව ඇහැරවන්නෙ එහෙම නෑ. ඔහොම නිදාගත්ත දෙන්. ඇහැරුනාම බැරියැ ගෙදර එක්කන් යන්න.."
" හා හ්‍යුන්ග්..."
" වාඩි වෙලා ඉන්නකො මම මොනව හරි බොන්න හදාගෙන එන්නම්."
" ඉන්න හ්‍යුන්ග් මමත් එන්නම්"
එහෙම කියල කුකිත් ජින් පස්සෙන් ගියේ ජින්ගෙ රෝස පාට හුරුබුහුටි කිචන් එකට.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ජින් කියන්නෙ ජංකුක් ගෙ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න කෙනා. ජංකුක් කැෆේ එකේ වැඩ කරනකන් සෝහා බබාව හරි ආදරෙන් බලාගන්නෙ එයා තමයි.
ජින් ගෙ හස්බන්ඩ් තමයි කිම් නම්ජූන්. ඉතින් එ දෙන්නා මේ සෝහා පැටියට සලකන්නෙ එයාලගෙම දරුවෙක්ට වගේ. කීප සැරයක්ම ඒ දෙන්නා ජංකුක් ගෙන් සෝහා බබාව එයාලට ඉල්ලුවත් කුක් ඒකට කැමති උනේ නෑ. මොනව උනත් තමන්ගෙ හ්‍යුන්ගෙ දරුවා නිසා පිට කෙනෙක් ට දරුවව දෙන්න එයාට හිත හදාගන්න බැරි උනා.
ජංකුක් ජින්ගෙ කිචන් එකේ ඉන්න ආසම තැන තමයි පැන්ට්‍රි ටොප් එක උඩ. ජින්ගෙ පස්සෙන් ආපු ජංකුක් අත් දෙකත් පිටිපස්සට කලරා පැන්ට්‍රි ටොප් එකේ තියලා ඒකට බර වෙලා උඩ පැනලා වාඩි උනේ චූටි බබෙක් වගේ. වයස 25ක් උනත් ජංකුක් ගෙ හුරතලේ නම් තාම එහෙමමයි. කකුල් දෙකත් වන වන ජින් දෙන්නටම කූල් ඩ්‍රින්ක්ස් හදන දිහා කුක් බලන් හිටියා.
![](https://img.wattpad.com/cover/345051503-288-k657505.jpg)
YOU ARE READING
Is It A Dream? ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)
Fanfictionඒක සංසාර ගත හමුවීමක් ද ?? ⛔⛔ Don't Copy My Work ⛔⛔ Top Tae Bottom Kook ➡️ Just fan fiction