ප්‍රශ්න ගොඩාරියකට පස්සෙ ඇස් වල පිරුනු කඳුලුත් එක්ක ජංග්මීයා කැමති උනා අද මමා එක්ක විතරක් පාර්ක් යන්න.
පව් මගෙ කෙල්ල...
මායි ජංග්මියායි පාර්ක් එක වටේ ඇවිද්දෙ ඉඳගන්න හොඳ තැනක් හොයන්න. ඒ අතරෙ මේ හොර කෙල්ල මඟදි හම්බුන් ස්ටෝල් එකකින් අයිස් ක්‍රීම් දෙකකුත් කෝමහරි ගත්තා.
එක පාරම මගෙ අත අල්ලන් හිටපු ජංග්මි මගෙ අතිනුත් ඇදන් පාර්ක් එකේ පැත්තකට යන්න ගත්තෙ කෑ ගහන ගමන්..
"පපා........... පපා......."
ජංකුක්..... ඔව් මම ඒ පැත්ත බලද්දි හිටියෙ එයා... ඒ...........ඒත්... වෙන ගෑනු කෙනෙක් එක්ක තුරුලු වෙලා හිනාවෙවී කතා කරන ගමන්..
ඔයාගෙ වෙනසට හේතුව මේකද ජංකුක්... ?
දැන් ඔයාට අපිව වටින්නැද්ද...... ?මගෙ රෝස පැටික්කි මටත් කලින් ඉස්සර වෙලා මාව ඇඳන් යද්දි මං ඔහේ ඇදිලා ගියෙ කිසිම ජීවයක් නැති පුද්ගලයෙක් විදියට.
ජංග්මිගෙ කටහඬට ඔලුව උස්සපු ජංකුක්ගෙ ඇස් දෙක ලොකු උනේ අපිව දැකලා..
මගෙ ලෝකෙම කඬන් වැටුනා වගේ..
ඇයි.......... ඇයි........ ඇයී.......... ??
මාව කවදාවත් අතාරින්නෑ කියලා අල්ලගත්ත ඔය අත් එදාටත් වඩා තදින් ඒ අත් අල්ලගෙන...
සත්තයි මට ඕන උනෙ.. මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා අඬන්න.. එත් බෑ මට අඬන්න බෑ.... මගෙ රෝස පැටික්කි වෙනුවෙන් .. මම මේක දරාගන්න ඕනෙ..
"වො.. ..වොන්හී...."
"ඔහ්.. ! ජංකුක්.... "
මම පුදුම උත්සහයක් ගත්තෙ .. මගෙ කඬහඩ කැඩෙන්නැතුව තියා ගන්න.
එපා.... බෑ...... ඔයාට දුර්වල වෙන්න බෑ
. ඔයාට දුවෙක් ඉන්නවා.ඔයාට එයා ඉස්සරහ දුර්වල වෙන්න බෑ...." අද ජංග්මි පාර්ක් එන දවසනෙ.. මම එයාව එක්කන් ආවා.."
මම එහෙම කියනකොට එයා මට කියන්න වචන එකතු කරගන්න ලොකු උත්සහයක් දැරුවා.. ඔයාට අමතක උනානේද....
" මේ...ම..මම...මම..-"
වචන පටල පටල කතා කරද්දි එයා එහා පැත්තෙන් හිටපු ඒ ගෑනු ලමයා එයාගෙ අතින් ඇල්ලුවෙ හරියට අයිතිය පෙන්නන්න වගෙ........ ඒ මීට මාස ගානකට කලින් මගෙ වෙලා තිබුන අත්.
YOU ARE READING
EOMMA ❤️ [JJK ] [Completed ]✔️
Fanfictionලෝකයාට රහසේ හඬනා දිරිය මව්වරුන්ගේ ස්වකීය ශෝකාලාපය. #eomma