26

47 20 0
                                    

ඔවුන් නිවස සම්පූර්ණයෙන්ම පරික්ෂාවට ලක් කර, රිතිකාගෙ කාමරය පමණක් වසා ඇත්තෙ මන්දැයි ඇසීය.

"එයාගෙ කාමරයට අපි කවුරුත් යන්නැ, එයා එළියට එන්නෙත් නැ"

"අපිට ඒකනම් චෙක් කරන්නම ඕනි, ඇරලා දෙන්න පුළුවන්ද?"

"අහ් ඉන්න අමතර යතුරක් බලලා දෙන්නම්"

මොනාලි අමතර යතුරක් සොයාගෙන කාමරයේ දොර විවෘත කළාය.

කාමරයේ පොත් පත් සීසිකඩව තිබුණු අතරම, එහි ලේ තවරා කවරයක් සෑදු පොතක් විය. එක රැගෙන ප්‍රධාන පරීක්ෂකතුමාට ලබාදීමට කාන්තාව කටයුතු කළේ ය. ඔහු එහි තැනින් තැන බලා කියවන්නට විය. එසේම කිසිවිටක තමන්ගෙ ජංගම දුරකථනය අමතක නොකර යන රිතිකා එදින එයද කාමරයේ තබා ගොස් ඇත. එය ලොක් කර නොතිබූ නිසා එයද පරික්ෂාවට ලක් කරන්නට විය. එහි වූ එක් පින්තූරයක් මොනාලිට පෙන්වා,

"මෙයාව දන්නවද?"

යැයි ඇසීය.

මොනාලිගෙ දෑස් විශාල වී ඇය එක්වරම එතැන ක්ලාන්ත වී ඇදවැටුනා ය.

රිතිකාගෙ කාමරයේ ඇය තම ශරීරයට හානි කරගැනීමට යොදාගත් කතුරු, පිහි, වීදුරු කැබැලි වැනි දෑ එක් ලාච්චුවක් පිරී හමුවිය. ඒ සියල්ලම නඩු භාණ්ඩ ලෙස ගෙන, මොනාලි යතා තත්වයට හැරුණු පසු ඇයවත් රැඟෙන ඔවුන් පොලිස් ස්ථානයට යන්නට විය.
ගමන අතරතුරදී, ඔවුන්ට ඇමතුමක් ලැබිනි.

Suicide in the Silence - නිහඬ මරණයTahanan ng mga kuwento. Tumuklas ngayon