ටේහ්‍යුන්ග් කතා කරේ ගොඩක් අමාරුවෙන්.

TH-" mamaa, dadaa ,එ-ක්ක දරුවෝ ඒක හරි අමුතුයි. මං කවදාවත් ඒ වගේ ජීවිතයක් ගෙ-වලා නෑ princess . මං පොඩි කාලේ eomma කියන්නේ මො-න වගේ කෙනෙක්ද කියලා හෙව්වා. ඒත් මට ක-වදාවත් ඒ දේ හොයා ගන්න බැරි උනා. අවුරුදු සිය ගා-නක් ගියාට ප-ස්සේ මට පුංචි wolf කෙ-නෙක්ගෙන් අමුතු හැගීම් ගොඩක් දැනුනා. මං ගෙන වද වෙනවා, හොයලා බල-නවා මාව ගො-ඩක් ආදරෙන් බලා ග-න්නවා... "

ජන්කුක් දන්නවා ඒ wolf එයා කියලා. ටේහ්‍යුන්ග් කියන්නේ කිසිම ආදරයන් නොලබපු , ඒ වචනේ තේරුමවත් දන් නැති මනුස්සයෙක්.

TH-" ඉ-තින් මට ඒ wolf හැ-මදාම මගෙ ලගින් තියා ග-න්න ඕන උනා. මට නොලැබුන ඒ හැගීම හැමදාම විදින්න ඕන උනා. මට ඇත්ත නො-කියා ඒ wolf මගෙ ල-ගින්ම තියා ග-න්න ඕන උනා "

ටේහ්‍යුන්ග් ආත්මාර්ථකාමී ? ඔව් එයා ආත්මාර්ථකාමී . මිනිස්සු එයාට ඇගිල්ල දික් කරයි එයා ආත්මාර්ථකාමී කියලා. ඒත් මිනිස්සුන්ට අමතකයි , ටේහ්‍යුන්ග්ව ආත්මාර්ථකාමී කරේ මිනිස්සු ජීවත් වෙන ඒ සමාජෙමයි කියලා.

ටේහ්‍යුන්ග් නොවිදපු ඒ ආදරේ , ලබා ගන්න එයා ආත්මාර්ථකාමී උනා. හේතුව එයා ඒ ජීවත් උන සමාජේ.

ටේහ්‍යුන්ග්ගේ අප්පා , werewolf කෙනෙක්ට ආදරේ කරලා ටේහ්‍යුන්ග් ඉපදුනා.ඒත් ටේහ්‍යුන්ග්ව මිනිස්සු දැක්කේ කැලලක් විදියට. පොඩි කාලෙ ඉදන් මිනිස්සු අපහස කරා, ටේහ්‍යුන්ග්ව කොන් කරා. පුංචි දරුවෙක් කාගෙන් හරි ආදරයක් ලබන්න සුදුසුයි. ඒත් ටේහ්‍යුන්ග් කවදාවත් කාගෙන්වත් ආදරයක් ලබලා නෑ.

පුංචි ටේහ්‍යුන්ග් බබාව ඉස්කොලේ යන කාලෙවත් කවුරුත් ලගින්වත් වාඩි කර ගත්තෙ නෑ. ටේහ්‍යුන්ග්ව ලමයි bully කරා. හැමදාම කුණු බිත්තර , තක්කලි, පිටි වලින් නෑවුන ටේහ්‍යුන්ග් mansion එකට යන්නේ.

ටේහ්‍යුන්ග්ගේ අප්පා දෙවෙනියට කර ගත්තු කසාදෙන් එයාගේ ජීවිතේට ආව පුංචි අම්මා එයාට ඊට වඩා කරදර කරා. Half animal කෙනෙක් කියලා අප්පිරියා කරා. පුංචි ටේහ්‍යුන්ග්ගේ පාට පාට චිත්‍ර කලු පාටට හැරෙනකන්ම මිනිස්සු එයාගේ ජීවිතේට කරදර කරා. පාරේ යන මිනිස්සු පුංචි බබාට ගල් ගහලා පන්නන තරම් කෲර උනා.

The Choice Where stories live. Discover now