♡Amygdala♡

138 42 41
                                    

BTS suga විසින් රචනා කරල වගේම ඔහු විසින්ම ගායනා කරන ගොඩක් ජනප්‍රිය ගීතයක් තමයි මේ amygdala කියන්නේ.

ඇත්තටම මොකක්ද මේ amygdala කියන්නේ,
amygdala කියන්නේ ග්‍රීක වචනයක් මෙහි අර්ථය ආමන්ඩ් කියන එක.amygdala කියල කොටසක් එහෙම නැත්නම් ව්‍යුහයක් මිනිස් මොලයේ තියනවා. මේක හරියට ආමන්ඩ් ඇටයක ස්වරූපය ගන්නවා ඒ නිසා තමයි මේක amygdala කියලා හදුන්වන්නේ. මොලය අභ්‍යන්තරයේ මතකය ගබඩා කරන ඉන්ද්‍රිය වන hippocampus ට සමාන්තරව යුගලයක් ලෙස තමයි මේ amygdala පිහිටල තියෙන්නේ.

ඉතින් මේ amygdala කියන්නේ අපගේ හැගීම් (emotions) එනම් බිය,දුක, කෝපය මෙන්ම සතුට ද අන්තර්ග්‍රහණය කරන මධ්‍යස්ථානය මෙන්ම එවැනි හැගීම් පවත්වාගෙන යාමටද මෙය වැදගත් කාර්‍යයක් සිදුකරනවා.ප්‍රධාන වශයෙන් amygdala බිය,කෝපය වැනි හැගීම් ඇතිකරයි.එවිට අප ශරීරය සටන් කිරිමට හෝ පලායාමට (fight or flight)සූදානම් වේ.

amygdala අපගේ මොලයේ අමිහිරි මතකයන් සියල්ල ගබඩා කරනවා. අනාගතයේදී එම තත්වයන්ගෙන් ඔබව ආරක්ශා කිරීමේ මාර්ගයක් ලෙස එම වේදනාකාරී මතකයන් රදවා තබාගන්නවා.
දැන් අපි amygdala ගීතයේ අර්ථය විමසා බලමු...

i don't know your name..///
මේ දිනවල ඔයාට දැනෙන්නේ කොහොමද
මතක අතරේ ගමන් කරන මට මකා දැමීමට අවශ්‍ය මතක
මේ දිනවල ඔයාට දැනෙන්නේ කෙසේද

1993 දී මම ඉපදුණු මාසයේ
මගෙ මවගේ හදවත් සැත්කම වගේම තව විශේෂ දේවල් ගොඩක් සිදු වුනා
මොනවද ඒ සිදුවීම්
ඒවා මෙතරම් අමාරු ඇයි කියලා මම දන්නේ නෑ

මට අමතක වුනු මතකයන්
මම නැවත මතක් කර ගන්නම්
අපි ඒවා එකින් එක මතක් කරගමු

oh oh, හොඳම තේරීම,ඊලගට දෙවනි හොඳම තේරීම ,තුන්වෙනියට හොඳම තේරීම
තෝරන්න.(ඔව්)

මේ දේවල් මට සිදුවීමට අවශ්‍ය නොවී ය
මගේ පාලනයෙන් තොරදේවල්
අපි එය එකින් එක තබමු

i don't know your name,name,name..

මතක අතරින් ගමන් කරන ඔයාගේ නම මොකක්ද කියලා මම දන්නේ නෑ
i dont know your name
අපි ඒවා එකින් එක මකා දමමු

You've reached the end of published parts.

⏰ Last updated: May 03, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐌𝐲 𝐀𝐦𝐲𝐠𝐝𝐚𝐥𝐚✔️Where stories live. Discover now