Chapter 25💞

953 192 40
                                    

Yibo's pov






ගගා ඔයා කොහොමද මට ඒ වගෙ දෙයක් කලේ? මං ඉද්දී??? මාව මදි උනාද ගගා ඔයාට? මං කොල්ලෙක් නිසාද? මං ඇස් පියාගත්තත් මට පේන්නෙ ඔයාලා දෙන්නා ඒ වීඩියෝ එකේ ඉඳපු විදිහ. මං නම් මහ පුදුම කාලකණ්ණියෙක්.

දැන් දවස් දෙකක් යුනි ගියේ නෑ අදත් ගියේ නැත්තම් අම්මා මාව පන්නනවා මං දන්නවා. එයාට දැනටමත් තේරිලා මං මොකක්හරි අවුලක  කියලා. අනිත් එක මං ෆීස් ගෙවන්නත් ඕනිනේ.. වෙලාවට කලින් මට හොඳ පඩියක් හම්බුනා. මං ඕවා මේවා හිත හිත ලෑස්ති වෙනකොට මගෙ ෆෝන් එක රින්ග් උනා. දන් නැති නම්බර් එකක් කව්ද දන් නෑ.

"හෙලෝ"

"හෙලෝ මිස්ටර් යීබෝද? "

"ඔව් මං තමයි .මේ කව්ද කතා කරන්නෙ?"

"මම ශියාඕ කම්පැනි එකේ සෙකට්‍රි. අපේ ලොකු සර් මිස්ටර් යීබෝට අද යුනිවර්සිටි ඇරිලා කම්පැනි එකට එන්න කියන්න කිව්වා."

"අහ්  හරි මං එන්නම්"

"ඕකේ"

කෝල් එක කට් උනා. මං ඒ මොකද්ද දෙයියනේ කිව්වෙ? ඇයි මම එන්නම් කිව්වෙ? ගගාගේ පපා දන්නෙ නෑනේ මේ දේවල්. මං ඉතින් කොහොමද එකපාරටම මේවා කියන්නේ.. ඒත් ඉතින් මට දැන් ශියාඔ කම්පැනි එක බාරගන්න විදිහක් නෑනේ. මං අපි දෙන්නා වෙන් උනා කියන එක පපාට කියන්න ඕනි. කෝල් කරලා කියනවද? නෑ එක්කො ගිහින්ම කියනවා. ගගාගේ වැරදි වලට ඒ මිනිස්සු පලි නෑනේ ..කොච්චර උනත් එයාලා මට ආදරෙන් සැලකුවා.

.
.
.
.
.
.
.
.
"මොකද උනේ යීබෝ ? ෆීස් ගෙවන්න නේද ගියේ ? ඇයි මූණ දෙක වෙලා"

"ඒකට තමා ගියේ බන්"

"උඹ වැරැද්දක් වත් කලාද යීබෝ?"

මගෙන් එහෙම ඇහුවෙ ලොකු බර්ගර් එකකට වැඩේ දෙනගමන් හිටපු මින්හි.

"නෑ ඕයි .මගෙ ෆීස් කවුරුහරි ගෙවලා."

"උඹලෑ ගෙදර කෙනෙක්ද?"

"ගෙදර කෙනෙක් වෙන්න බෑ බන්. ඉතුරු ඔක්කොම ගෙවලා. එච්චර සල්ලියක් එක පාර දෙන්න අම්මා ගාව නෑ"

"එහෙනම් ශාන් ගගා වෙන්න ඇති."

"නෑ...එයා වෙන්න බෑ"

MY DOLL💋 (Completed)Where stories live. Discover now