"හෙලෝ.."
"...................."
"ආ ඔව් අම්මා යීබෝ අපේ ගෙදර ඉන්නෙ."
"..................."
"ඔව් ඔව්..හරි අම්මා හරී. මං තියනවා එහෙනම්"
ඒ කතා කලේ යීබෝගේ අම්මා. එයා ඉන්නේ මං ගාව කියද්දී යීබෝ මට හොඳ එකෙන් රැව්වා.
"කාලා ඉන්නකො මැණික"
"මට ඕන කෑමක් නෑ"
"එහෙනම් මං කන්නෙත් නෑ"
"ඕනි මගුලක් කරගන්නවා"
යීබෝ මට ගස්සලා කාමරෙන් එලියට ගියා. එයා ඉන්නේ හොඳටම තරහින් .ඒත් මං ඇත්තම කිව්වනේ .... මාව පොඩ්ඩක් වත් විශ්වාස නෑ එයාට. ශිට් ! අර යැන්සි නම් මාව කන්නමයි අද අපේ ගෙදරට ආවෙ.
මං බැල්කනි එකට වෙලා සිගරට් එකක් පත්තු කරගත්තා. මං කොහොමද,එයාට මේක තේරුම් කරන්නේ. ? සෑහෙන වෙලාවක් යනකම් මං කල්පනා කලා. එක්කො ඕනි දෙයක් වෙච්චදෙන් කියලා මං එයාට හෙට උදේ යන්න දෙනවා. ඒත් එයා අර කිව්වා වගේ ආයේ මං ගාවට නාවොත් ? නෑ නෑ ... නිකම් බොරුවට රිස්ක් එකක් ගන්නෙ මොකටද . එයා මං එක්ක යාළුවෙනකම් මං එයාව තියාගන්නවා. ඔව් එහෙම කරනවා. ඒත් එතකොට එයා යුනිවර්සිටි යන්නෙ කොහොමද? ශිට්!
කලින් නම් පහලින් සද්ද බද්ද ආවා ... දැන් නම් කිසි සද්දයක් නෑ. එයා කොහෙන්හරි පැනලා ගියාවත්ද? මං කලබල වෙච්ච පාර සිගරට් කොටෙත් හිටිතැනම බිම අතෑරලා පහලට දිව්වා.
"යීබෝ..... යීබෝ..."
මං කෑගහගෙන සාලෙට ගියා. ෆුහ්...එයා ගිහින් නෑ ... මටත් නොදැනිම මගෙන් ලොකු හුස්මක් පිටවුනා.එයා හිටියේ බිම ඉඳගෙන දොරට හේත්තු වෙලා කකුල් අස්සෙ මූණ ගහගෙන. ඒ උරහිස් ගැස්සෙනවා.
"යීබෝ .... මැණික ,කෝ ගගා දිහා බලන්න"
එයා මාව කනකට වත් ගත්තෙ නැති තැන මං ඒ මූණ බලෙන්ම ඉස්සුවා.එයා හොඳටම අඬලා. මං ඒ ඉන්න විදිහටම එයාව තුරුල් කරගත්තා.
"අනේ අඬන්න එපා මැණික ..ගගාට සමාවෙන්නකෝ.."
"එහාට්ට වෙනවා... "
එයා මාව තල්ලු කරලා දාන්න හදද්දී මං තවත් තදට එයාව අල්ල ගත්තා.
![](https://img.wattpad.com/cover/330990243-288-k558069.jpg)