අද නිවාඩු දවසනේ ...යුනිවර්සිටි යන්නත් නැති හින්දා යීබෝ ගෙදර ඇති. ගොඩ දවසකින් මට මගේ toy එකත් එක්ක සෙල්ලම් කරන්න බැරි උනා.අර කතාවක් තියෙන්නේ පොඩි කාලේ කොල්ලො ආස වාහන වලට උනාට ලොකු උනාම ආස බෝනික්කන්ට කියලා. ඒ කතාව නම් අමූලික ඇත්ත. මං ආස toy එක ඉතින් බෝනික්කෙක්නේ.. මං බාත්රූම් එකේ mirror එකෙන් මගේම රූපේ දිහා බලාගෙන මනෝපාරකුත් ගහගෙන වරුවක් විතර දත් මැද්දා.
උදේ කෑමත් කාපු මං කාර් එකට නැග්ගෙ යීබෝගෙ ගෙදර යන්න හිතාගෙන.ගෙදරකටනේ යන්නේ ඒ හින්දා මං මගින් බඩු වගයකුත් ගත්තා.
මං කාර් එක ඇතුලට දාන්කොට දැක්කේ යීබෝගේ අම්මා මිදුල අතුගානවා.එයා මං කවුද කියලා විපරමෙන් බැලුවා.එදා හම්බුනාට මගේ කාර් එක අඳුරන් නෑනේ.මං වාහනෙන් බැස්සට පස්සේ ඒ ඇස් ලොකු වෙලා මට ලස්සන හිනාවක් දුන්නා.
"අනේ පුතා එන්න එන්න ඇතුලට.."
"කොහොමද ආන්ටි.."
"දෙයියන්ගෙ පිහිටෙන් එදායින් පස්සෙ මට අමාරුවක් ආවෙ නෑ පුතේ..ඔය පුතාට ගොඩාක් ස්තූතියි.."
"අනේ ස්තූති මොකටද ආ මෙන්න"
මං ගෙනාව බඩු මල්ල ආන්ටිගේ අතට දුන්නා.
"මොකට කරදර උනාද පුතේ... මං අපේ කොල්ලට කීපවතාවක්ම කිව්වා පුතාව දවසක මෙහේ එක්කන් එන්න කියලා."
යකෝ මේකව පට්ට ගහන්න එපෑ ... අම්මා කිව්වා කියලා කිසි දෙයක් මට කිව්වෙ නෑනේ.
"ආහ්..ආ.. ඔව් ආන්ටි යීබෝ කිව්වා තමයි මට වෙලාවක් නැති උනානේ එකයි. කෝ දැන් යීබෝ"
"අපේ එකා නම් ගෙදර නෑ.. උදෙම්ම ඔය කොහෙද ගියේ..."
" අද නිවාඩු දවසෙ? ඒ කොහෙද ආන්ටි?"
"යාළුවෙක් එක්ක ඇවිදින්න යනවා කියලා ගියේ.ආහ් බීච් එකට යන කතාවක් කිව්වා."
"මේ ලඟ තියෙන එකටද ආන්ටි hon weil සයිඩ් එකේ?"
"ඔව් ඔව් පුතා"
"හරි ආන්ටි මං එහෙනම් යන්නම්.."
"අනේ පුතා තේ ටිකක් බිලා යන්න"
"වෙන වෙලාවක එන්නම්කො ආන්ටි කෑම ටිකක් කාලම යන්න"
මං කාර් එකට නැගලා ඩ්‍රයිව් කලේ බීච් සයිඩ් එක පැත්තට. තමුන් කොහොමද මාව මෙහෙම රස්තියාදු කරවන්නේ ආහ්? බලමුකො.. අර වහන්තරාව එක්ක වෙන්න ඇති ගියේ.. දැන් පෙම් සුව විඳිනවද දන් නෑ බීච් එකේ දෙන්නා එක්ක.