chapter 07👣

628 132 11
                                    


මගෙ අතේ තිබ්බ ඩයරිය අරන් මං එලියට ගියා ...  මට ඕන ඒ අතීතය අමතක කරල දාන්න .. මට ඕන යීබෝ එක්ක මේ පටන් ගත්ත ජීවිතේ ඉස්සරහට සතුටින් ඉන්න .. ඒත් ඒකට මං මගේ අදුරු අතීතෙ මගෙ ජීව්තෙන්ම අයින් කරල දාන්න ඕන ..

හුලගට ගැලවිල ගියපු ගහ තිබ්බ තැනට ගිහින් එතන බිමින් ඉදගෙන කලිසම් සාකුවට අත දාල ගිනිපෙට්ටිය එලියට ගත්ත ..
ඩයරියෙ එක පිටුවක් ගලවපු මං ඒක ඩයරිය එක්කම බිමින් තියල ගිනිකූරක් පත්තු කලා .. කඩපු පොත් කොලේ අතට ගත්ත මං ඒකට ගිනි දැල්ල ඇල්ලුවෙ ඒක ඇවිලිලා යද්දි වගේම ඒකටම ඩයරියෙ අනිත් කොල ටිකත් ඇදල අරන් ඉරල ඒ ඇවිලෙන දැල්ලටම දැම්මෙ ඩයරියෙ ඉස්සරහ පිටකවරෙ විතරක් මගෙ අතේ ඉතිරි වෙද්දි .. කොල ටික ගින්දරට පිච්චිලා අලුවෙලා යද්දි මගේම නිල්පාට පෑනෙන් ලියපු අකුරු හුලගට ගහගෙන යන්නම ගියා ..

" අතීතෙ අතීතෙටම බාරයි .. "

ගිනිපෙට්ටිය වගේම ඩයරියෙ පිට කවරෙත් ඒ ගිනිගොඩටම දාපු මං එතනින් එහාට ගිහින් ඉදගත්තෙ ඒ පොත් කොල ටික පිච්චෙන හැටි බලාගෙනමයි ..

ඤාව් ... ඤාව් ... ඤාව් ...

එරමිනිය ගොතන් මං හිස් හැගීමෙන් ගිනිදැල්ල දිහා බලන් ඉද්දි ටුටූ මං ගාවට ඇවිත් පුරු පුරු ගගා මගෙ ඇගේ ඇතිල්ලුනේ මං එයාව ඔඩොක්කුවට ගද්දි ..

" ටුටූ .. මොකද ආ ? හුරතල් වෙන්නෙ මොකෝ ආ ? "

ටුටූ .. ලීබෝ මට ගෙනත් දීපු මං ගාව තියෙන අන්තිම තෑග්ග .. ලීබෝ කියන්නෙ පූසන්ට ගොඩක් ආදරේ කෙනෙක් .. එයා හුගක් ආසයි පූසන්ට .. එයාම තමා මෙයාට ටුටූ කියල නම තිබ්බෙ .. ලීබෝ මට ප්‍රපෝස් කරපු දවස් වල එයයි මායි නිතරම හම්බ උනා .. ඒ දවස් වල එයා මට පූසො ගැන කියනව මගෙ කන්දෙක පිරෙන්න ..එයා පොඩි කාලෙ ඉදන් හුරතලේට හදපු පූස් පැටිය මැරුනු එක පවා මට කිව්ව ...

මං ටුටූගෙ ඔලුව අතගාද්දි එයා පුරු පුරුව දදා මගෙ ඔඩොක්කුවෙ එහාට මෙහාට පෙරලෙද්දි එකපාරට හුලගක් ඇවිත් බාගෙට පිච්චුනු ඩයරියෙ කොලයක් හුලගට යද්දි ටුටූව බිමින් තියපු මං ඒ කොල කෑල්ල අතට ගත්ත ..

වාහනේක බ්‍රේක් නැති උනොත් මොනා වෙයිද ? වාහනේ රියදුරාට ඒක කන්ට්‍රෝල් නැති වෙලා අනතුරක් වෙන්න පුලුවන් නේද ? එතකොට ඇතුලෙ ඉන්න මිනිස්සුන්ට මොනා වෙයිද ?

HIS TWIN BROTHER ( Short Story ) Completed ✔️Where stories live. Discover now