මං ආයෙම ගෙට ගිහින් දොරකඩ  ලග හිටිය ටුටූව වඩාගෙනම සෝප එකෙන් ඉදගත්තෙ ටුටුව පුරු පුරු ගගා මගෙ ඔඩොක්කුවෙ ඉදන් හුරතල් වෙද්දි ..

" දගලන්නැතුව ඉන්න ටුටූ .. "

මං ටුටූගෙ ඔලුව අතගාද්දි එයා මගෙ අත ඉව කර කර හුරතල් උනා ..

ලීබෝ ඩ්‍රයිව් කරපු කා එක ඇක්සිඩන්ට් උන දවසෙ ලීබෝගෙ බොඩි එකවත් හොයාගන්න බැරිවෙන්න අලුවෙලා ගිහින් තිබ්බ .. එදා කා එක කන්දෙන් පහලට වැටිල ගිනි අරගෙන වාහනේ සැකිල්ල විතරයි ඉතිරි වෙලා තියෙන්නෙ .. ඒකත් වෙලාව තමයි .. මට සෑහෙන්න දුකයි ලීබෝ ගැන .. මොනා උනත් මනුස්ස ජීවිතයක්නෙ ..

ලොකු හුස්මක් පාතදාපු මං ගෙට ආව .. ලීබෝව හම්බුන මුල් කාලෙ මට හොදටම තේරුන දෙයක් තමයි එයා යීබෝට කැමති නෑ කියන එක .. ඒකට හේතුවිදියට මං දකින්නෙ මිස්ටර් වැන්ග්ගෙයි මිසිස් වැන්ගෙයි නොසැලකිල්ල ..

යීබෝ පොඩිකාලෙ ඉදන් ඉගෙනීමට දක්ශයි කියල මට මිසිස් වැන්ග් කාමන්  කියල තියෙනව .. කාමන් කියන්නෙ යීබෝගෙයි ලීබෝගෙයි අම්ම .. හැබැයි ලීබෝ කියන්නෙ ඉගෙනීමට දක්ශ නොව්නු කෙනෙක් .. එයා ගොඩක්ම කලේ කාලෙ කාපු එක .. කොටින්ම කිව්වොත් එයා හරි හිතුවක්කාර කොල්ලෙක් .. හැබැයි මට එයාව හම්බුන මුල් කාලෙ මං දැනන් හිටියෙ නෑ ලීබෝ සෙල්ලක්කාර කොල්ලෙක් කියල .. පස්සෙයි මන් දැනගත්තෙ එයා ක්ලබ්ගානෙ ගිහින් කෙල්ලො එක්ක නටන නාඩගම් ගැන .. ඒත් මගෙ පව්ලෙ බලකිරීමට  ලීබෝව අතාරින්න මට බැරිඋනා .. ඒත් අන්තිමට ලීබෝ නෙමේ යීබෝවයි මං කසාද බන්දෙ .. මං ඇත්තටම ආදරේ කරපු කෙනා ..

යීබෝ බිස්නස් සම්බන්දව හුගක් දක්ශ නිසා මිස්ටර් වැන්ග් වගේම මිසිස් වැන්ග් හැමතිස්සෙම ලීබෝට බනින්නෙ " අයිය වගේ වෙන්න " කියල .. ඉතින් ඕක අහලම ලීබෝ යීබෝ කියන එයාගෙ අයියට වෛර නොකලොත්නෙ පුදුම .. දෙමව්පියො උනාම ඉන්නෙ ලමයි දෙන්නද ඒ දෙන්නටම එක විදියට ආදරේ දෙන්න ඕන... දැන් ඉන්න බහුතරයක්  දෙමව්පියන්ගෙ කටේම තියෙන්නෙ " එයාට බැරිනම් ඇයි ඔයාට බැරි " කියන වාක්‍යනෙ .. අතේ ඇගිලි පහම එකිනෙකට වෙනස් වගේ තමයි ලමයිනුත් .. එයාල දක්ශ එක එක දේවල් වලට .. පව්ලෙ ඉන්න වැඩිමලා වගේ නෙමේ බාලය .. එයාලගෙ දක්ශතා විවිදයි .. ඒක දෙමව්පියො තේරුම් ගන්න ඕන.. ලීබෝටත් උනේ ඒකනෙ .. අම්මයි තාත්තයි අයියගෙ හොදම කියද්දි  " අම්මල ආදරේ අයියට විතරයි" කියන එක හිතට තදින්ම වැදුනම තමන්ගෙ අනිත් සහෝදරය ගැන තරහක් හිතේ ඇති වෙන එක ගැන අහන්න දෙයක් නෙමේනෙ ..

HIS TWIN BROTHER ( Short Story ) Completed ✔️Where stories live. Discover now