ඒත් හන්සුට යන්තම් වයස අවුරුදු 17 දී තමයි කෙල්ලගේ ඔම්මාගේ මොලේ පිලිකාවක් කියලා දැනගෙන තියෙන්නේ. තුන් වේලටම බෙහෙත් පෙති අහුරු ගනන් ගිලලා දැම්මත් තත්වේ එන්න එන්නම නරක අතට හැරුණු නිසා ඔම්මාව මැකව් නගරයේ කෙලවර තියෙන පුංචි ප්‍රාදේශීය රෝහලේ නවත්වන්න සිද්ද වෙනවා . දැනට මාස හතරක ඉදන් කෙල්ලගේ ඔම්මාට හරි හමන් සිහියක් නෑ .

ඔම්මාට ඕනේ බෙහෙත් ගන්නයි අනෙක් වියදම් පියව ගන්නයි ඕනේ කරන සල්ලි ටික හොයාගන්න තමයි කෙල්ල හන් වොන්ගේ බෙහෙත් බඩු සාප්පුවේ වැඩට යන්නේ.

ජන්කුක්ට නම් වොන්ගේ නම ඇහෙනකොටත් කේන්තියි. වොන් හැම වෙලාවෙම හන්සුට කරදර කරන්න හදනවා කියලා දැනගත්ත මොහොතේ ඉදන්ම ජන්කුක් හිතාගත්තා කවදාහරි ඔය මිනිහා මැරෙන්නේ තමන්ගේ අතින් කියලා.

එදත් උදේම හන්සු බෙහෙත් බඩු සාප්පුවේ වැඩට ගියේ ජන්කුක් විතරක් ගෙදර තනි වෙද්දී. ටිකක් දවල් වෙනකොට ජන්කුක් කාමරේට වෙලා එයාගේ තුවාල වලට ගාන්න ඕනේ කරන බෙහෙත් වගයක් හද හදයි හිටියේ. හන්සු ජන්කුක්ට මේ අත් බෙහෙත් හදන විදිහ කියලා දුන්නු නිසා දැන් කොල්ලාට තනියම තමන්ගේ බෙහෙත් ටික හදාගන්න පුලුවන් .

මේ අතරතුර කොල්ලාට කුස්සිය පැත්තෙන් ඇහුනේ බඩු පෙරලනවා වගේ සද්දයක්. බෙහෙත් හදන වැඩෙත් පැත්තකින් තියලා ජන්කුක් ඒ පැත්තට දිව්වේ මොකක්ද ඒ සද්දේ කියලා බලන්න. කුස්සියට ගිය ජන්කුක්ට දකින්න ලැබුනේ හැමදාම හොරෙන් ගේ ඇතුලට රිංගලා හොරා කන අළු පාට ලොකු පූසාව.

ආයිශ්... මේ යකාගෙන් නම් පුදුම වදයක් තියෙන්නේ. කොහෙන් හරි ගෙට පැනලා හොරා කන්නමයි බලන්නේ. හිටපන්කෝ... අද මන් තොට දෙන්න වැඩක්.

හොඳ මාස්ටර් ප්ලෑන් එකකුත් ගහගෙන කුස්සියේ දොර ලග තිබුනු කොස්ස අතට ගත්තු කොල්ලා හිමින් සීරුවේ පූසා ලගට ලන් වුනේ උගේ පස්සට දෙකක් ගහලා ගෙයින් එලියට දානවා කියලා හිතාගෙන.

හිමින් සීරුවේ පියවරෙන් පියවර පූසාට ලන් වුනු ජන්කුක් හරියට ඉලක්කේ බලලා පූසාගේ පස්සට හොද ශොට් එකක් දෙන්න හදන කොටම මේසේ උඩ හිටපු පූසා ජන්කුක්ගේ කොසු පාර මගහැරලා පිගන් රාක්කේ උඩට පැන්නා.

Legend Of The Moon Lovers 🌜️🌟 Where stories live. Discover now