ඔයාගෙ ඒන්ජල් බොලදයි නේද ජන්කුකී? ලෝකෙට මම හැමදෙයක්ම දරාගන්න පුලුවන් මොන දේකටවත් බය නැති චරිතයක් වුනාට ඔයාගෙ ඒන්ජල්ට මුකුත් දරාගන්න බෑ කුකී. ඔයාගෙ ඒන්ජල් හැමදේකටම බයයි කුකී ගොඩක් බයයි. තනිවෙනවට , ආදරේ නැතිවෙනවට ඔයාගෙ ඒන්ජල් බයයි කුකී.....

ඇති නේද කුකී මම ලිව්වා මගෙ අත රිදෙනවා දැන්.

ඒ වගේම කුකී ඔයාට මගෙ මතක දුකක්නම් ප්ලීස් මාව අමතක කරලා හොද ජීවිතයක් ගෙවන්න. මම නෑ කියලා අඩන්නවත් දුක් වෙන්නවත් එපා. මේක ඔයාගෙ ඒන්ජල්ගෙ ඉල්ලීමක් කුකී.....

ඔයාගෙ ඒන්ජල් ඔයාට ලස්සන තෑග්ගක් දීලා යන්නෙ ඒ අපෙ පුංචි පැටියා. ඒයට මම නැති අඩුව කවදාවත් දැනෙන්න දෙන්න එපා කුකී. එයාව ආදරෙන් බලාගන්න. හොදනරක කියලා දෙන්න. එයාව ආරක්ෂා කරගන්න. ඒහෙනම් කුකී මෙතනින් මම නවතිනවා. හැමදාමත් සතුටින් ජීවත් වෙන්න.

මීට ඔයාගෙ ඒන්ජල්,

●●●

සියවෙනි සරේටත් ටේ අන්තිමට ලියලා ගිහිපු ලියුම දිහා බලාගෙන ලොකු කල්පනාවක හිටපු ජන්කුක් එයා ඉදගෙන හිටපු තැනින් නැගිට්ටෙ බර හුස්මක් පිටකරලා එලියට එන පොරකන කදුලු නතර කරගන්න ගමනුයි.

ජන්කුක්ට ටේහියුන්ව ඕනෙ. එයාට තුරුල් වෙලා මේ දුක නිවාගන්නකම් අඩන්න ඕනි. ඒත් එයාට බෑ. එයාගෙ ඒන්ජල් කිව්වා එයාට අඩන්න එපා කියලා. එයා පුරුදු වුනා වතුර යටදි විතරක් අඩන්න එතකොට එයාගෙ ඒන්ජල්ට එයාගෙ කදුලුයි වතුරයි වෙන් කරලා අදුරගන්න බැරි වෙන්න.

ජන්කුක් එයාගෙයි ටේහියුන්ගෙයි බනී පැටියත් එක්ක කොරියා අතහැරලැ ඇවිල්ලා දැන් අවුරුදු 10ක් වෙනවා. කාලය වේගෙන් ගෙවුනා ඒත් ජන්කුක්ට එයාගෙ ඒන්ජල් නැතුව ගෙවෙන තත්පරයකුත් අවුරුද්දක් වගෙ. ඒත් එයා තාමත් බලන් ඉන්නවා එයායි එයාගෙ ඒන්ජලුයි එකට එකතු වෙන ආත්මයක් එනකම්.

" අප්පා "

ජන්කුක් තමන් දිහාට දුවගෙන එන එයාලගෙ. ම්ම් ඔව් ටේහියුන්ගෙයි එයාගෙයි ප්‍රින්ස්  දැන් කඩවසම් ඕනම ගැහැණුලමයෙක්ගෙ හිත හොල්ලන්න පුලුවන් පෙනුමක් තියෙන කඩවසම් තරුණයෙක් වෙලා.

" කියන්න ප්‍රින්ස් ඇයි මේ ? "

" අප්පා අප්පා දන්නවද ලීසා ආන්ටි කෝල් කලා එයාලා මෙහෙ එනවා කියලා. එයාලා තව ටිකකින් ගෙදරට එයි "

" හදිස්සියෙම ? "

" ඔව් අප්පා. එයාලට පෙන්නන්න දෙයක් තියෙනවලු. "

" ඒ මො~ "

ඒත් සමගම ඇසුන දොරට තට්ටු කරන හඩ නිසා කියන්න ගිය දේ නවත්තපු ජන්කුක් ඉදිරියට ඇවිදගෙන ගියේ දොර අරින්නයි. ලීසව පිලිගන්න බලාගෙන ජන්කුක් දොර ඇරියත් එයා දැකලා පුරුදු රූපයක්බැස ගැටෙද්දි ජන්කුක් මෙච්චරකල් හිර කරන් හිටපු එයාගෙ දුක කදුලු විදියට ඔහුගෙ දෑස් වලින් රූටා පහලට වැටුනා.








" ට්...ටේ මගේ ඒන්ජල් "

𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now