Chapter 16

417 98 108
                                    

"දැන් කියනව බලන්න එදා මොකද උනේ??"

ජින්ගෙ මූනෙ තියෙන දරුණු පෙනුම දැක්ක ටේහියුන්ට හුස්ම හිරවෙන්න වගේ ආවත්,ඒක පාලනේ කරගෙන බොහොම අමාරුවෙන් උත්තර දෙන්න ටේහියුන්ට පුලුවන් උනා.

"එ..එදා ජෙනීගෙ ෆියුනරල් එකෙන් පස්සෙ දවස,ම්...මට ආශ්!! මන් ඔය බෝගම් කියන තිරිසනාව ඉතුරු කරන්නෑ...."

"බෝගම් කාරයව මැරුව හැකි පස්සේ...,දැන් බොරුවට කෑගහන්නැතුව කියලා ඉන්නව එදා උනු දේ"

"මම ක්ලබ් ගියා. ඩ්‍රග්ස් ගත්තා ඊටපස්සෙ මාව බාගෙට මත් වීගෙන  එද්දි ගෑනු ලමයි දෙන්නෙක් මන් ලඟට ආවා."

ටේහියුන් ජෙනීයෙ ෆියුනරල් එකෙන් පසුව සිදුවූ සෑම දෙයක්ම ජින් ඉදිරියෙ වචන වලට පෙරලුවෙ හිතේ යම්කිසි වරදකාරී ස්වභාවයක් එහා මෙහා යද්දීයි.

"කව්ද ඒ,"

"රෝසුයි රෝස්ගෙ Gf ලීසයි.."

"ෆක්! ලීසත් ඉඳිද්දි උබ මොන මගුලක්ද රෝස් ට කරේ යකො,රෝස් තමංගෙම නංගි වෙලත්??"

ටේහියුන්ගෙ කටින් ලීසගෙ නම කියවෙනවාත් සමග ජින් නලල පිරිමදිමින්  ටේහියුන්ට බැනවැදීමට සැරසුනේ තමන්ගෙ ලේම නොවුනත් ඒ ඔහුගෙ සහෝදරියක් නිසත් අනෙක ඇයගෙ පෙම්වතිය ඉදිරියෙ රෝස් සමගම කාමුකව හැසිරීම පිලුබදව වදවෙමිනුයි.

"නෑ....."

"මොකක්!! ඕයි ටේ මේ කුනුහරුප නොකියා කියන මගුලක් පැහැදිලිව කියනවකො,ඔලුව වැදුනද ඕයි කොහෙහරි "

"අනේ මේ ජින් හියුන්,මන් ඇත්ත කියන්නෙ....,එදා පුංචිට හම්බුණු බබා නැතිවෙලා,ඒ දවස්වල පුංචි අසනීපෙන්ලු හිටියෙත්, ඉතින් බබා නෑ කියලා පුංචි දැනගත්තොත් එයාට දරාගන්න බැරිවෙයි කියලා බාප්පි කරලා තියෙන්නේ හොස්පිට්ල් එකේ හිටපු ඉපදෙනකොටම මමා නැතිවුණු බබෙක්ව අපේ පුංචි ගාවින් තියලා,ඒ බබා තමා රෝස්,ඊට අවුරුදු ගාණකට පස්සෙ තමා පුංචිට ජෙනීව හම්බුණේ."

"ඕමෝ....වෙරි ඉන්ටරෙස්ටින්ග්  ,වෙන කියන්න බොරුවක් තිබ්බෙම නැද්ද මනුස්සයෝ ආ......."

ජින් නක්කලෙට හිනා වෙමින් අත්පුඩි ගැසුවේ ටේහියුන් දත් විකාගෙන ජින් දෙස බලන් ඉද්දීයි.

𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now