Chapter 11

486 116 74
                                    

වයින් විදුරුව තොල ගා අවසන් වූ ටේහියුන් ටීපෝව මත තබා තිබූ තම ෆෝන් එක අතට ගත් ටේහියුන් රෝස් හට ඇමතුමක් ලබා ගත්තෙ අද තමා නොපැමිණෙන බවත්. තමා එහි නොමැති බව අන් අයට දැනගැනීමට ඉඩ ලබා නොදෙන බවත් පැවසීමටයි.



ඇමතුව විසන්දි කරදැමු ඔහු පුටු ඇන්දට අත් දෙක තබා එතනින් නැගිට ඉදිරියට ඇවිද ගියෙ නම්ජූන් සහ ගෝලයන් ගිය රාජකාරිය හරියට කෙරී ඇද්දැයි දැනගැනීමටයි.


තම සගයෙක් සමග Mercedes Benz කාර් රථයක නැගී තම තිප්පොලට නුදුරුව තිබූ කවුරුද් නොදන්න පාලූ වූ ළමා නිවාසයක් දෙසටයි.විනාඩි දහයක් වැනි කාලයක් ඇතුලත තමාට අවැසි ස්ථානයට පැමිනි ඔහු තම වාහනයෙන් බැසගත්තෙ කිසිවෙකුට තමාව අදුරාගත නොහැකි වන ලෙස සන්ග්ලාසයක් හා මාස්ක් එකක් තම මුව ආවරණය කරගනිමිනුයි.


එතනින් දෙපසින් මැරෙන්න ඔන්න මෙන්න තිබූ පැල සහිත  බොරලු දැමූ පාරක් දිගේ ඇවිද ගියෙ තමා පැලද සිටි සපත්තුවලට බොරලු ගැටී ඇතිවන ශබ්දයට ඇහුම්කන් දෙමිනුයි.



ටික දුරක් ඇවිද ආපසු පඩි තුනකින් සමන්විත ආලින්දයකට පැමිණි ටේහියුන් තම දෑත ඉදිරිය දිගුකර දොරට තුන් පාරක් තට්ටුකලේ සුලු මොහොතකින් නිහඩ පරිසරය තුල දොර "ක්‍රීං" හඩක් සහිතව විවර වෙද්දියි.



දොර විවර වූ පසු එලිවට ආවෙ වයස 60 ක් පමණ කිව හැකි කාන්තාවකි. ටේහියුන් දුටු ගමන් ඇගෙ මුහුණේ හිනාවක් ඇදී ගියෙ ටේහියුන්ට ආචාරකොට ඔහුට ඇතුලට ආරාධනා කරද්දීයි.



ටික මොහොතකින් ඇයගෙ කටහඩ අවදි වූයේ ටේහියුන්  ඇය දෙසට හැරෙද්දීයි.


" Mr.Kim ආවෙ ඔබ එවූ මුදල අපිට ලැබිලද කියලා බලන්නද? "



" ම්ම්ම් ඔව්. ජූන් හ්‍යුන් කිව්වා සල්ලි ටික දුන්නා කියලා. මම ආවෙ ඒ ටික හරියට කෙරිලද බලලා යන්න. ඒ වගේම හෙට කට්ටියක් එයි ළමා උද්‍යානය වගෙම අනිත් ටිකත් හදලා යන්න. එයාලට කියන්න කෙරෙන්න ඕනි දේවල් ටික. "



" හරි Mr. Kim ළමා උද්‍යානය හදන එකනම් හොදයි. පව් පොඩි එව්න් ටික හරියට සෙල්ලමවක්වත් කරන්න බැනෙ."



𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now