Chapter 19

395 93 77
                                    

උදේ ඉදන් කාටත් හොරා තමන්ගෙ එකම ආදරෙත් එක්ක තනිවෙලා තමන්ගෙ ආදරවන්තයාගෙ උණුහුමට අවුරුදූ ගානකට පස්සෙ ගුලි වෙලා මෙතෙක් කල් තමාට මගෑරුන ආදරය හිතේ හැටියට විදගත්ත ටේහියුන් සහ ජන්කුක් රාත්‍රී ආහාරයද අරගෙන හෙමින් සැරේ ඇදුනෙ බෝගම්ගෙ මන්දිරට ඔබ්බෙන් තිබූ රෝස වත්තට මැදට වන්නට තිබු විශාල ඕක් ගහ යටටයි. පිනි බිදු වැටුන තණ නිල්ල උඩට සෙමෙන් පාද තබමින් ජන්කුක්ගෙ අතේ එල්ලිලා පුංචි දරුවෙක් වගෙ ඕක් ගස යටට ගිහිපු ටේහියුන් ජන්කුක්ට වාඩිවෙන්නට පවසා ජන්කුක්ගෙ උකුල උඩින් වාඩි වී හිස ජන්කුක්ගෙ උරහිසින් තියාගත්ත ඔහු තරු පිරුණ අහස දිහා බලාගෙන හිටියෙ ජන්කුක්ගෙ දෑත් හෙමින් සීරුවෙ ටේහියුන්ගෙ බද වටේ එතෙද්දීයි....


" ජංකුක් අපි මේ කරන්නෙ වරදක්ද ? "


" ඇයි එහෙම කියන්නෙ ? "


" මට බෝගම් ගැන දුකයි."



" බේබි!!! මොකද්ද ඔයා අදහස් කරන්නෙ? "


ජන්කුක් කතා කලේ කෙන්තියත් සමග මදක් නොරිස්සුමකින්.


" කුකී ඔයා අහලා තියෙනවා නේද Beauty and the beast කතාව... "

" ම්ම් ඔව් ඒකත් එක්ක මේකට තියෙන සම්බන්ධෙ මොකද්ද? "

" මට හිතෙන්නෙත් බෝගම් ඒ කතාවෙ බීස්‍ට් කියලා. එ කතාවෙ බීස්ට බෙලා ලැබුනා. ඒ නිසා ඒ බීස්ට්ගෙ ඇතුලතින් හැංගිලා තිබ්බ හොද ගතිගුණ එලියට ආවා. ශාපෙකට අහුවෙලා විශාල මාලිගාවක් අස්සෙ කාගෙවත් ආදරයක් නැතුව හිරවුන බීස්ට පස්සෙ කාලෙක ලස්සන සුරංගනාවියක් හම්බුනා... ඒ සුරංගනාවිට අර නපුරු බීස්ට්ගෙ හොද ගතිගුණ හදුන ගන්න පුලුවන් වුනා. එයා ඒ හොද ගතිගුණ වලට ආදරේ කරන්න ගත්තා. එයාට පුලුවන් වුනා අන්තිමට එයාගෙ ආදරේ වුන ඒ අවලස්සන බීස්ට්ව ආපහු ලස්සන කුමාරයෙක් කරන්න.... බෝගමුත් එහෙමයි කුකී. ලෝකෙම එයාගෙ අප්පා නිසා එයාව නපුරෙක් දුශ්ටයෙක් කියලා හංවඩු ගැහුවට බෝගුම් එහෙම නෑ. ඇත්තටම එයා හිත ඇතුලෙන් ගොඩක් ලාමක කෙනෙක්. එයා ඔය ඉන්න තත්වෙට පත් කරලා තියෙන්නෙ එයාගෙ වටේ ඉන්න කට්ටිය. මටත් එයාව ගොඩ කාලයක් අදුරගන්න බැරි වුනා. ඒත් එයා අද යන්න කලින් එයා කොහොම කෙනෙක්ද කියලා දැනගන්න පුලුවන් වුනා කුකී."


𝐇𝐢𝐝𝐞 𝐀𝐧𝐝 𝐒𝐞𝐞𝐤 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now