" දෙවෙනි කුමරුනි..... කිරුළ හිමි කුමරුනි.... වෙයි කුමරුට සිහිය පැමිණියා.... කුමරුනි... "
.
.
.
මේ පැමිණියේ වෙන කවුරුත් නොවෙයි වෙන් නින්ග් හා ඩැරන් විය.... ඔවුන්ගේ වදන් ඇසුණු පසු මෙතෙක් වෙලා කිසිවෙකුට ප්‍රතිචාර නොදක්වා සිටී ලාන් චාන් ඔවුන් දෙසට හැරුණු අතර ඊළඟ තත්පරයේදී හීයක වේගයෙන් මණ්ඩපයෙන් ඉවතට දිව ගියේය. තම සොයුරා දිව යන දෙස දාගෙන සිටි කිරුළ හිමි කුමරුන්ද ඔහු පිටුපසම දිව ගිය අතර ශුවාන් හා හුවායිසන්ද ඉක්මනින් ඒ දෙසට නොසංසුන්ව දිව ගියේය. ඔවුන් සියලු දෙනාගේම මුහුණේ කියා නොතේරෙන සතුටක් සැනසීමක් ලියවී තිබූ අතර තවත් පිරිසකගේ මුහුණු නම් එතරම් සුබදායක නැත. මේ මොහොතේ දී අධිරාජයා හා අධිරාජනියගේ මුහුණ ද සතුටින් පිරි ගොස් තිබූ අතර උපඅධි රාජයාගේ මුහුණ ඇති කෙටි සිනහව කිසිවකු දුටුවේ නැත..යන්නට හැරුණු වෙන් නින්ග් එක්වරම මණ්ඩපයේ සිටින ජින් මෙනවිය දෙස බලා කට කොනින් සිනාසී කුටිය කරා ගමන් ආරම්භ කළ අතර ඔහු එසේ සිදු කළේ මන්දැයි ඩැරන් විමසද්දී ඔහු පැවසූ දෙයක් සමඟ ඩැරන්ගේ මුවටද සිනහ පහළ විය.
" කුමටද එතුමිය දෙස බලා එලෙස සිනාසුනේ ආ- නින්ග්... "
"යෝ... ඩැරන් මට විශ්වාසයි ඇය ඔය ලෙස මාලිගයේ සිටින අවසාන දිනය අද වේවි.... කොහොමත් දැන් වෙයි කුමරු අවදි වූ නිසා මේ විවාහය සිදු වන්නේ නැහැනේ... මට විශ්වාසයි ඇයව හෙටම වෙයි කුමරු මාලිගාවෙන් පන්නා දමන බවට.... ඇයට හැකිවේවි වෙයි කුමරුගේ යක්ෂ ආත්ම ඉක්මනින්ම මුණගැසීමට.... "
.
.
.
.
.
.
.
ඉක්මනින් හා නොසන්සුන්ව වෙයි යින්ගේ කුටිය අසලට පැමිණි ලාන් චාන් කුටියේ දොරටු අසල නැවතී ගැඹුරු හුස්මක් ගෙන තම දෑස් තදින් පියා ගත්තේ තමාවම සන්සුන් කරගැනීම සඳහාය. මදක් සන්සුන් වූ ලාන් චාන් ඉක්මනින් දොරටුව විවෘත කරේ එය සිහිනයක් නොවේවායි ප්‍රාර්ථනා කරමිනි.
YOU ARE READING
FOREVER 💙❤️
Historical Fiction💙 තම රාජධානිය වෙනුවෙන් පණ වුවද පිදිය හැකි සීතල හදවතක් හිමි කුමරෙක්..... ❤ තම ආදරණීයන් වෙනුවෙන් සියල්ල කැප කළ හැකි උණුසුම් හදවතක් හිමි තරුණයෙක්..... ලා...න්... චා....න්... මාව අල්ලාගන්න මට මේකිට පහර දීමට අවශ්‍ය යි❤ වෙයි යින් මදක්...