ශාලාවේ සුන්දරත්වය නරඹමින් සිට ගෙන සිටි වෙයි යින් එක්වරම තිගැස්සී ගියේ ඔහුගේ බඳ වටා දැනුණු නුපුරුදු ස්පර්ශය හේතුවෙනි.... වෙයි යින් ඉක්මනින් ඒ ග්රහණයෙන් මිදී පිටුපසට හැරීමට තැත් කලත් ඔහුට එය සිදු කර ගැනීමට නොහැකි වූයේ ආගන්තුක පුද්ගලයාගේ දෑත්වල ග්‍රහණය දැඩි කළ හෙයිනි.
ඔහුගේ බඳ වටා දෑත් යවා ගෙන පිටුපසින් අල්ලාගෙන සිටින පුද්ගලයාගේ සුසුම් දැන් වෙයි යින්ගේ සවන් වලට දැනෙන අතර ඒ පුද්ගලයා වෙයි යින්ගේ එක් සවනකට ලං වී කට හඩ අවදි කළ අතර ඒ ආගන්තුක කට හඩෙහි යම් පුරුදු බවක් වෙයි යින්ට දැනිණි.ඒ පුද්ගලයා වෙයි යින්ගේ සවනට කර පැවසූ දෙයත් සමග වෙයි යින් එක්වරම ගල් ගැසිණි.
" අවසානෙදී මා ඔබව සොයා ගත්තා මගේ සා පැටවෝ.... එසේත් නැති නම් මා වෙන් නින්ග් කියා පවසන්නද................ "
තම සවන් අසලින් ඇසුණු වදන් හමුවේ වෙයි යින් එක්වරම ගල් ගැසුණු අතර මද වේලාවක් එලෙස සිටී වෙයි යින්ට හරි සිහියට පැමිණි පසු ඔහු විසින් තම බඳ වටා එතී තිබෙන දෑත් ක්ෂණිකව ඉවත් කර ඉදිරියට පැන පිටුපස හැරුණේය....
එතැන සිටි පුද්ගලයාව දුටු වෙයි යින්ට ඔහුට හඳුනා ගැනීමට වැඩි වේලාවක් ගත නොවුණු අතර තමන් මොහුට පැවසු මුසාව සිහිවී ඔහුගේ මුවේ ඛේටය සිඳී ගියේය....
එතැන සිටියේ වෙන කවුරුත් නොව අධි රජ මදහස පානයට ගොස් මග වැරදුණු දින හමුවූ පුද්ගලයාය.
" ඉතින් සා පැටවෝ... නුඹ මට මුසා පැවසුවා නේද.... ඔබ වෙන් නින්ග් කියා.... ඔබ දන්නවාද ගෙවුණ දෙදින පුරාම මා ඔබව මාලිගයේ සෑම තැනකම සෙව්වා... නමුත් හමුවූයේ නැහැනේ... නමුත් මට අද නම් ඔබව අතටම අසු වුණා.... අදින් පසු නුඹට නොහැකි වේවි මගෙන් ඈත්වීමට..... "
YOU ARE READING
FOREVER 💙❤️
Historical Fiction💙 තම රාජධානිය වෙනුවෙන් පණ වුවද පිදිය හැකි සීතල හදවතක් හිමි කුමරෙක්..... ❤ තම ආදරණීයන් වෙනුවෙන් සියල්ල කැප කළ හැකි උණුසුම් හදවතක් හිමි තරුණයෙක්..... ලා...න්... චා....න්... මාව අල්ලාගන්න මට මේකිට පහර දීමට අවශ්‍ය යි❤ වෙයි යින් මදක්...