⚔විසිහතරවන කොටස⚔

334 65 149
                                    

යුන්හි නම් සිදු වූ අපහාසය නිසා මේ මොහොතේදී කේන්තියෙන් රත් පැහැවී ගොසින්ය.

ජබොස්.....

ගතවූයේ ක්ෂණයකින් තමාට සිදු වූ අපහාසය නිසා කේන්තියේ උපරිම තත්ත්වයේ සිටි යුන්හී විසින් යාමට සැරසුණු වෙයි යින්ව විශාල පොකුණට තල්ලු කර අතර පිහිනීමට නොහැකිව වෙයි යින් දඟලමින් උදව් ඉල්ලන ආකාරය දෙස ඇය කට කොනින් බලා සිට එතනින් යන්න ගියාය..

" ක..වුරු..ත්... නැ..තිද... මට.. පිහි....නී...ම..ට... නො... හැ... "

වෙයි යින්ට කතා කිරීමට හැකිවූයේ එපමණකි. වෙයි යින් ජලයේ ගිලුණු අතර ඔහුව පොකුණේ පත්ලට ඇදී ගියේය. වෙයි යින්ගේ දෑස් පියවීමට මොහොතකට පෙර ඔහුට දැකගැනීමට හැකිවූයේ ඔහුගේ දෑස් තුළ මැවුණු බොඳවූ රුවක්ම පමණි......

.

.

.

.

.

.

.

මොහොතකට පෙර

මණ්ඩපයෙන් පිටත්ව ගිය පසු ඩැරන් ඉක්මනින්ම ෂුයැන්ග්ව සොයා පිටත්ව ගියේය. හෝරා භාගයක් පමණ සෙවීම සිදු කලත් ඔහු සොයා ගැනීමට නොහැකි වූ අතර හදිස්සියේ මතක් වූ යමක් නිසා වෙන් නින්ග්ටත් යන ස්ථානය පිළිබඳව පවසා පිටත්ව ගියේය.

ඩැරන් ෂුයැන්ග්ව සොයා ගියේ මාලිගයෙහි තිබූ අතහැර දැමූ ශාලාවක් තුළටයි. කුඩා කාලයේ සිටම ඔහු දුකට පත් වූ අවස්ථා වලදි එහි පැමිණ සැඟවෙන බව ඩැරන්ට සිහිපත් විණි. ඩැරන් මුළු ශාලාව පුරාම ඔහුව සෙවූ අතර අවසානයේ දී ශාලාවේ කොණක අසුන්ගෙන කල්පනා කරමින් සිටින ෂුයැන්ග්ව දැක ඔහු අසලට ගොස් ඩැරන් ද ඒ අසලින්ම අසුන් ගත්තේය.

" ඔබ හොදින්ද... ෂුයැන්ග්... "

"මා හොඳින් ඩැරන්... "

" එසේ නම් කිමද මෙලෙස සිටින්නේ.... "

" මට මෑණියන්වයි පියාණන්වයි සිහිපත් වූවා.. ඔබට ඔවුන්ව සිහිපත් වන්නේ නැතිද...."

ෂුයැන්ග් ඩැරන් දෙස බලා විමසන්නට වූ අතර ඩැරන් සිනහවක් ඔහුට තිළිණ කළේය. නමුත් ඒ සිනහවේ ගැබ් වී තිබුණේ වේදනාවම පමණක් බව ඔහු හොඳින් දැන සිටියේය.

FOREVER 💙❤️Место, где живут истории. Откройте их для себя