Chapter 34

67 19 5
                                    

ආන්‍යා තිනෙතිව ඇදගෙන ආවේ සෙම්ට්‍රි එකේ හරි මැදට.. ඒ අවට කිසිවෙකුත්  පෙනෙන්නට නොසිටි අතර එය විශාල ගස් පෙලකින් වටවුන එකපෙලට වැටුන කෙටි පාරක් වූවා. පාර මැද්දෑවෙන් ඈ නැවතුනද තවමත් ඈ උන්නේ තිනෙතිගේ අත අත් නොහැරම.

 පාර මැද්දෑවෙන් ඈ නැවතුනද තවමත් ඈ උන්නේ තිනෙතිගේ අත අත් නොහැරම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ වගේ පාරක් 

"මිස් ආන්‍යා... ඔයා මගෙන් මොකක්හරි ලොකු දෙයක් හංගනවා කියලා මං දන්නවා... ඒත් ඔයාට පුලුවන් ඒ දේ මොකක්ද කියලා මගෙත් එක්ක බෙදාගන්න. කරුණාකරලා.... ඒක මොනවගේ දෙයක් වුනත්..." පළමුව කතාව ඇරඹුවේ තිනෙති. ආන්‍යා දීර්ඝ සුසුමක් හෙලුවා. ඈ එක එල්ලේ තිනෙතිගේ දෑස් දෙස බැලූයෙන් ඈ නිරුත්සාහයෙන්ම ඇගේ ලා දම් පැහැති දෙනෙත් මත පැටලුනා. ඈ දෙතුන් වතාවක් ඇසිපිය ගැසුවේ මායාවකින් ගැලවෙන්නට මෙනි.

"තිනෙති.." අවසන ඈ කතා කිරීම අරඹා තිබුණා.

"මං දැන් කියන්න යන දෙයින් ඔයාට ගොඩාරියක් ඔයා හිතනවට වඩා මහා හුගක් ලොකු වේදනාවක් දැනෙයි. ඔයාට ඒ තරම් වේදනාවක් දෙන්න බැරි කමටයි මමත් ආකේෂ්ත් මේ හැමදේම ඔයාගෙන් හැංගුවේ..." තිනෙති ආන්‍යාගේ අත තදින් මිරිකුවා... 

"ඒකට කමක් නෑ මිස් ආන්‍යා... ඒක මොකක් වුනත් මට පුලුවන් ඒක අහන්න"

"හ්ම්ම්ම් හොදයි එහෙනම්... කෙටියෙන්ම කියනවා නම් ඔයා අද ජීවත් වෙන්නේ සරණි නිසා" තිනෙති ප්‍රශ්නාර්තව ආන්‍යා දෙස බැලුවා. ආන්‍යා ඈත ඉහත්තාවේ තම දෑස් රදවා සුසුමක් පිට කලා.

"ඔයාට මාව එදා සටන දවසේ අවසානෙට මුණ ගැහුන වෙලාව මතකයිද?" තිනෙති ඔව් යනුවෙන් තම හිස වැනුවා.

Flashback

"ත්‍රෛලෝකාක්ශි කුමරියනි හමුවීම සතුටක්" ඔහු හක හක ගා ඔහුගේ කැත සිනහව නගමින් පවසන්න වූ අතර තිනෙති කලබලෙන් ඔහු පිටුපසින් පැමිනෙන පිරිස දෙස බැලුවා. ඇගේ දෑසට පළමුව හසුවූයේ එක පෙලට දම්වැල් වලින් ගැටගසා වුන් සරණිය. සරණි??? ඈ මොහුගේ නැගණිය නොවේද? මොහු උමතුවෙන්ද?? ඈ එදෙසට පය ඉක්මන් කලා.

None Of Your BusinessWhere stories live. Discover now