08

358 60 11
                                    

"රශ්"

"ම්ම්ම්"

"ඇයි මෙහෙම වෙන්නෙ🥺"

"කොහොමද සනූ?"

"මට ඔයාව අමතක කරන්න ඕනිනෑ  බෑ මන් ඒක කරන්න හැදුවත් මට ඒක කරන්න බෑ 🥺ඉතින් ඇයි.....ඇයි... මෙහෙම වෙන්නෙ ,ඇයි අද දවස ඉවර වෙන්නෙ💔 මට ඔයාව ඕනි අනේ රශ් මන් ඔයාට ආදරෙයි ප්ලීස් මාව දාලා යන්නෙපා"

"මන් දන්නෑ මැණික🥺 ඇයි තේරුන් ගන්නැත්තෙ ම්ම් මන් ඔයාට ආදරෙයි නැත්තෙ නෑ ඒත් ......එත් අපිට එකට ඉන්න බෑ,මන් අසරණයි"

"නෑ මට කිසි දෙයක් තේරෙන්නෑ තමයි ,මට කිසි දෙයක් තේරුන් ගන්න ඕනිත් නෑ මට ඕනි ඔයාව විතරයි🥺"

"සනූ___"

රශ් ආයෙ මට දෙයක් කියන්න හැදුවත් අපි ලගට ආව ලියා නිසා,
අපි ලගට ආපු ලියා රශ්ව මගේ පැත්තට ටිකක් තල්ලු කරලා අපේ සීට් එකේම හරහට පැත්තකින් වාඩි උනා,

"උබලා දෙන්න මෙතන මොකක්ද බදාගෙන කරන්නෙ ලව් කරනවද?
සනූ🤨 මොකද මේ මූන එල්ලගෙන ඉන්නෙ"

එතකොටම රශ් මීට කලින් කතා කරපු හැමදේම ලියාට කිව්වා
රශ් කිව්ව දේ හොදට අහන් ඉදපු ලියා අපේ පැත්තට හැරිලා,

"සනූ ලමයෝ මේ අහපන්කො රශ් අසරණයි බන් නැතුව ඒකිට උබව නොතේරෙනවා නෙවෙයි ඒක නිසා මෙහෙම දුකින් ඉන්නෙපා බන් හරි දැන් ඔය ඔක්කොම අමතක කරලා වරෙන් නටන්න යන්න"

එහෙම කිව්ව ලියා ආයෙත් අපේ සීට් එක ගාව ඉදන්ම නටන්න අනික් පැත්තට හැරුනා.
ඒත් රශ්ගෙ අත තදින් බදාගෙන ඇස් තද කරලා පියන් හිටිය මන් රශ් කතා කරනවා ඇහෙනකොටම ඇස් ඇරියා,

"සනූ අපි දැන් යන්ද "

"අනේ මට තව ටිකක් මෙහෙම ඉන්න දෙන්න රශ් චූට්ටම චුට්ටක්🥺ප්ලීස්"

මන් දිහා බලලා යටි තොල හපන් දිග හුස්මක් ගත්ත රශ් ඔලුව වැනුවා,
එයාගෙන් හම්බුන අවසරෙත් එක්ක තවත් තදින් අත බදාගත්තු මම එයාට තුරුල් උනා,

"මේ පාර ඔයාට බැරිනම් කමක් නෑ ඒත් ඊලග පාර මගෙ විතරක් වෙන්න වෙන කාගෙවත් වෙන්නෙපා මන් ලග විතරක්ම ඉන්න
ඔයා එනකම් ජීවිතේ අවසානෙ වෙනකම් මන් බලන් ඉන්නවා ඔයාට ආයෙ එන්න හිතුනොත් දෙපාරක් නොහිතා එන්න රශ් මන් ඔයා එනකම් ඔයාගෙ ආදරේ පරිස්සමින් තියාගන්නම්🥺සමහරවිට කාලෙත් එක්ක මන් වෙනස් වෙයි ඒත් ඔයාගෙ ආදරේ මන් ලග පරිස්සමින් තියේවී,මේ වතාවෙ මන් පරක්කු වෙන්නැති ඒත් ඊලග වතාවෙ මන් ඉක්මනින් එන්නම්🥺ප්‍රොමිස් ,ඔයා ඊලග වතාවෙ එනවා නේද රශ් මේ පාර වගේ මාව එපා කියන්නෑ නේද ඊලග පාර, මන් ඔයාට ආදරෙයි මැනික
මේ වගේ ටික දවසකට නවතින්න නෙවෙයි හැමදාටම ඉන්න මොකද මට මෙහෙම හැමදාම ඉන්න ඕනි ඔයාගෙ තුරුලට වෙලා ඔයා ලග 🥺මාව දාලා යන්නෙපා"

My First Unwanted Love | GLजहाँ कहानियाँ रहती हैं। अभी खोजें