05

238 52 2
                                    

😳මොකක්ද යකෝ ඒ අහපු එක මට මෙතන ඉන්නත් බෑ වගේ දැන්නම්

"ඔ..ඔව් රශ් සොරී ඒත් මන් ඔයාට ආදරෙයි🥺"

"ඇයි සනූ සොරි කියන්නෙ අහන්න සනූ සමහරවිට මේක ආකර්ෂණයක් වෙන්නත් ඇති  ඔයාට ඒක අමතක කරන්න පුලුවන් වෙයි "

"ඔය එහෙම හිතනවද මට ඔයාව මේ ආදරේ අමතක කරන්න පුලුවන් වෙයි කියලා ම්ම් අපි බලමු සමහරවිට පුලුවන් වෙයි ඒත්__"

"සනූ අහන්න ඔයාට ඒක කරන්න පුලුවන් ඔයාට ඒක අමතක වෙයි  මට මීට කලින් තව කෙල්ලො දෙන්නෙක් කියලා තියෙ මට කැමතී කියලා සමහරවිට ඔයාටත් ඒ වගේ වෙන්නැති එයාලා දෙන්නා ගැනනම් මන් වැඩිය උනන්දු උන්නෑ ඒත් සනූ ඔයාට මට එහෙම කරන්න බෑ මොකද ඔයා මගේ යාලුවනෙ"

"මන් දන්නෑ🥺මට මේ කිසි දෙයක් තේරෙන්නෑ රශිනි"

"දැන් ඒ ටිකට මාව පිට කෙනෙකුත් කලාද "

"අහ්😳?"

"නෑ ඉතින් ඔයා මට කවදාවත් රශිනි කියලා කතා කරන්නෑනෙ ඒකයි"

"අනේහ් එහෙම නෑ රශ් සොරි "

එයා කිව්ව එක ඇත්ත මන් එයාට කවදාවත් අපි යාලුවො උනාට පස්සෙ රශිනි කියලා නෑ ඒත් අද මන් එයාට රශිනි කිව්වා, අද මන් එයා ඉස්සරහා ගොලුවෙලා,එයා දිහා නොබලා කතා කරන්න පටන් අරන් ඒක එච්චරටම දරාගන්න බැරි ඇයි මැණික ඔය ඇස් දිහා බලලා කතා කරගන්න තරම්වත් ශක්තියක් මට නෑ🥺

"සනූ මගෙ දිහා බලන්න ඔයා ඔහොම මාව මගාරිනකොට මන් කොහොමද ඔයාට කිසි දෙයක් තේරුන් කරන්නෙ ,කොහොමද ඔයා එක්ක කතා කරන්නෙ"

ඔව් මන් බැලුවා එයා දිහා, ඒත් ඒ ඇස් වෙනදාට ඒ ඇස් වල මහ ලොකු ලස්සනක් මට පෙනුනෙ නෑ ඒත් අද වෙනකොට ඒ හැමදේම වෙනස් වෙලා ඒ රවුම් ඇස් දෙක දකිනකොට මගෙ පපුවම හිරිවැටිලා ගියා.තත්පර පහක් ඔව් ඒ තරන් චූටි කාලයක් බලන් ඉන්නැති ඕනිනම් මන් ආයෙත් මන් මගේ ඇස් ඒ ඇස් වලින් අයින් කරන් ඩෙස් එකට ඔලුව තියාගත්තා.

"සනූ කෝ මෙහෙ බලන්නකො"

මගේ අතත් ඇද ඇද  රශ් මගෙ ඔලුව ඩෙස් එකෙන්  උස්සන්න හදනවා

"මට මෙහෙම ටිකක් ඉන්න දෙන්න රශ් ප්ලීස්"

එහෙම රශ්ට  කියපු මම අනික් අතට උඩ ගිහින් ඔලුව ඉස්සුවෙ එයා ඊලගට කිව්ව දේ නිසා,

My First Unwanted Love | GLKde žijí příběhy. Začni objevovat