😈 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 16🩸

En başından başla
                                    

" අපිට තාමත් හිතාගන්න බැරුව ඉන්නේ යකෝ "

මිනායා ඇස් කොනින් පිටිපස්සේ ඉන්න ජන්කූක් දිහා බලන ගමන් කිව්වේ

" මිනායා චේයොන්ග් දෙන්නා කතා කරන දෙයක් අපිටත් ඇහෙන්න කියන්න බලන්න ලෙක්චර් එක අස්සේ කතා කරන්නේ මොනාද කියලා දැනගන්න අපිත් ආසයි.."

Lecturer එහෙම කියද්දී කෙල්ලෝ දෙන්නා කට වහගත්තා පැය කිහිපයක් පුරාවට ඇදුනු ලෙක්චර් එකේ කෙල්ලෝ තුන් දෙනා හිටියේ මේ ලෝකේ සිහියකින් නෙවෙයි එකපාරට ටේහ්‍යුන් ජිමින් ජන්කූක් ආපු එක කෙල්ලොන්ට ලොකු ප්‍රශ්නයක් වුනා එයාලාගේ ඒ ගැන කල්පනා කරමින් හිටියා මිසක් ලෙක්චර් එකට අවධානයක් දුන්නේ නැ ලෙක්චර් එක අවසානයේ lecturer ගියාට පස්සේ ලමයි එක්කෙනා දෙන්නා ලෙක්චර් හෝල් ගිහින් අවසානයට මේ හය දෙනා විතරක් ඉතුරු වුනා ඔක්කොම ගියාට පස්සේ මිනායා කොල්ලෝ තුන් දෙනාගේ පැත්තට හැරුනා

" මොකද මෙහේ කරන්නේ "

මිනායා serious mood එකකින් ඇහුවේ ජන්කූක් දිහා බලාගෙන

" ඔයාව මතක් වුනා බේබිගර්ල් "

ජන්කූක් මිනායාගේ නහයට තට්ටුවක් දාලා කිව්වා

" විහිලු නෙවෙයි මොකටද මෙහෙට ආවේ.."

යුවි ඇහුවා

" දැන් එන්න බැරි ද..?"

ජිමින් ඇහිබමක් උස්සගෙන යුවි දිහා බලාගෙන ඇහුවා

" බැ තමයි මේක university එකක් ඔයාලා කොහොමද මෙහෙම එන්නේ ආ.."

" ඒවාට ක්‍රම සහ විධි තියෙනවා ඩෝල්.."

ජිමින් යුවිගේ මූනට එබිලා කිව්වා

" හේයි මිනා......"

ඒත් එක්කම ඇහුනු කටහඬ නිසා ඔක්කොම ඒ පැත්ත බැලුවා

" අයිෂ්....මේ තණකොළ හිපාටුවා සාපයක් වීගෙන එන්නේ..."

මිනායා මිමිනුවේ එයාලගේ පැත්තට එන කොල්ලෙක් දිහා බලාගෙන

" ඕකාගේ මූන කට සමතලා වෙන්න දෙකක් නෙලුවා නම් ඉවරයි නේ "

චේයොන්ග් කිව්වා ඒත් එක්කම ආපු කොල්ලා චේයොන්ග් දිහා බලලා ඇහැක් ගැහුවා ඒකට නම් ටේහ්‍යුන්ට කේන්ති ගියා 

𝖳𝖧𝖤 𝖡𝖫𝖮𝖮𝖣 𝖯𝖱𝖨𝖭𝖢𝖤 𝖮𝖥 𝖳𝖧𝖤 𝖬𝖨𝖣𝖣𝖫𝖤 𝖭𝖨𝖦𝖧𝖳||𝖪𝖳𝖧||✅Hikayelerin yaşadığı yer. Şimdi keşfedin