පැනලා යමු~

96 24 35
                                    

ආද්‍රියාතික් මුහුද දිස්නේ දෙන සූර්‍යාව ගිලගද්දි හැමදාමත් වගේ දනවත් ඇස් නැවතිලා තිබුනේ ආකර්ශනීය විදිහට La notte della taranta සිංදුවක් යකඩ සපත්තුවේ සද්දෙත් එක්කම කියන ජිමින් ලග!

වෙනදා වගේම පැය තුනක් අහිංසක හිත් වලට සතුට අරන් එන ගමන් සිංදු කියපු ජිමින් කන්ඩායමෙන් සමු අරන් වෙනදා යන දිහාවට නොයා ආද්‍රියාතික් මුහුද දිහාවට ඇදෙද්දි ඒ දිහා බලන් හිටපු ජන්කුක් පවා හිමි හිමින් ඒ දිහාවට ඇදුනේ ජිමින් එයාට තමන් එක්ක එන්න කියලා ආරාදනා කලා වගේ!

මුහුදට ලග ගලක් උඩ ඉදගෙන කලුවර අතරින් මුහුදු රල ගොඩට එන දිහාවට ඇස් අරන් ගිය ජිමින් ඉස්සරහා බලන්ම කතා කරන්න ගත්තේ ජන්කුක් එයා ලගින් වාඩිවුනා කියලා දැනෙද්දියි!

ඇයි මාවම තෝරගත්තේ මහත්තයෝ!?

ඔයාව තෝරගත්තු එක වැරදිද ජිමින්!?

මගෙන් අහන්න එපා මහත්තයෝ! මොකද මං දන්නවා... මාව මහත්තයට පොඩිමවත් ගැලපෙන්නේ නැහැ කියන්න! මං දුප්පත් කෙනෙක් ඇරත් මගේ අම්මා.. එයා මැරුණත් එයා ගණිකාවක් කියන එක කව්රුත් අමතක කරලා නෑ මහත්තයෝ!

ඇයි ජිමින් හැමවෙලේම අපි අතරට ඔය තේමාවම ඇදලා ගන්නේ!?

මට එහෙම කරන්න වෙන නිසා! මහත්තයා ඔය හදන්නේ දුප්පත් මං පස්සේ ඇවිත් නරක නමක් හදාගන්න! මහත්තයාට දනවත් පන්තියේ යාලුවෝ විහිලු කරාවි__ දනවත් පව්ලක සිටු කුමාරියෝ හිටියේ නැද්ද මං වගේ ගණිකාවකගේ පුතෙක්ගෙන් ආදරේ ඉල්ලන්නේ කියලා!

ජිමින් ඉස්සරහම බලන් කියද්දි ආද්‍රියාතික් මුහුදු හුලග එයාගේ මූනට වැටිලා තිබ්බ කොන්ඩ කැරලි පසු පසට ඇදගෙන ගියේ හරියට එයාගේ හිතේ නලියන හැගීම් හිතේ කොනකට විසි කරලා දාන්න කියනවා වගේ!

හිටියා! ඉන්නවා! ලස්සන දනවත් කෙල්ලෝ! ඒත් මොකටද ජිමින්!? මගේ හිත නවතින්නෑ ඒ උද්දච්ච මුරන්ඩු ගෑනු ලග! අඩුම ලස්සන දනවත් කොල්ලෝ ලගවත්! හැමෝගෙම හිත් නපුරු පටු අදහස් වලින් පිරිලා ගිහින්! මිනිස්සු හැමෝම බලෙන්ම සල්ලි, දේපල වලට බලවත් තැන දීලා අකුලගෙන පැත්තකට වෙන එකයි කරන්නේ ජිමින්!

You've reached the end of published parts.

⏰ Last updated: Dec 07, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝗟𝗮 𝗻𝗼𝘁𝘁𝗲 𝗱𝗲𝗹𝗹𝗮 𝗧𝗮𝗿𝗮𝗻𝘁𝗮 (𝗝𝗶𝗸𝗼𝗼𝗸) on holdWhere stories live. Discover now