යකඩ කූඩු~

123 27 28
                                    

පුංචි ගෙට ගොඩ උන ජිමින් එයාගේ යකඩ අඩි සපත්තු දෙක රාක්කෙන් තියන ගමන් එයාගේ කකුල් වල තිබුන පාවහන් දෙක ගලවලා අතට ගත්තා!

දනවතුන්ගේ පයට පෑගෙන අහිංසක මිනිස්සුන්ට සින්දු කියන මං කොහොමද ඉතාලියේ ලොකුම දනවතුන් අතර ඉන්න මනුස්සයෙක්ගේ පුතෙක් එක්ක පෑහෙන්නේ!? මගේ ජීවිතේ කොහොමත්ම ලස්සන එකක් නෙවේ!

අපි අතරට ආදර සම්බන්දතාවක් ගැලපෙන්නෑ ජන්ගුක් මහත්තයා!

මිමිනුව ජිමින් ඒ පාවහන් දෙකත් යකඩ අඩි සපත්තු දෙක ලගින්ම තියලා බාතෲම් එකට ගෑටුවේ ටවල් එක අතට ගන්න ගමන්!
.
.
.

පාක් ජිමින්!? ඉන්නවනම් කරුනාකරලා දොර අරින්න! අපිට දොර කඩන්න ඉඩ තියන්න එපා!

වොශ්රූම් එකෙන් එලියට එනවත් එක්කම රලු කටහඩක් තියෙන ඉතාලි ජාතිකයෙක් තමන්ගේ ගෙදර දොරට ගහන ගමන් කතා කරනවා ඇහුනයින් හුස්මක් පහත දාපු ජිමින් දොර ඇරියා!

අත් බැදලා මේ කොල්ලව අරගෙන එනවා!!

ජිමින් දිහා ටික වෙලාවක් බලන් හිටිය ඉතාලි ජාතිකයා තමන්ගේ පිටිපස්සේ හිටන් ඉන්න හැඩි දැඩි පිරිමි හතර දෙනාට අන කරද්දි ජිමින් ඇස් රෝල් කලා!
.
.
.

ටික වෙලාවක් යද්දි ජිමින් හිටියේ පාලුවට ගිය ගොඩනැගිල්ලක කෙනෙක් ඉස්සරහා දනින් වැටිලා!

හැමදාමත් වගේ ජිමින්ට ඒ කෙනාගේ දිස්නේ දෙන සපත්තු වලින් එයාගෙම මූන පෙනෙද්දි එයා තමන්ටම සමච්චලේට හිනා උනා!

පිටිපස්සට කරලා එකට ගැටගහලා තියෙන අත් එක්කම දනින් වැටිලා හිටිය තැනින් නැගිට්ට ජිමින් ඔහු ඉස්සරහින් හිටගත්තා!

නමුත් වෙනදට බිම බලන් ඉන්න ජිමින්ම අද තමන්ගේ මූන දිහා කෙලින් බලාගෙන කට කොනේ හිනාවක් එක්ක හිටගෙන ඉද්දි ඔහු ජිමින් දිහා ඇහි බැමි ලං කරන් බලාගෙන ඉදලා උගුර පෑදුවා!

𝗟𝗮 𝗻𝗼𝘁𝘁𝗲 𝗱𝗲𝗹𝗹𝗮 𝗧𝗮𝗿𝗮𝗻𝘁𝗮 (𝗝𝗶𝗸𝗼𝗼𝗸) on holdWhere stories live. Discover now