දනවත් ඇස්~

191 37 54
                                    

පුංචි වේදිකාවක් උඩ සාමාන්‍ය ප්‍රමානයේ සෙනගක් වට කරගෙන සිංදු කියන හුරුබුහුටි පොඩි කොල්ලා දිහාවට දනවත් ඇස් දෙකක් යොමු වෙලා තිබුනා!

වේදිකාව පුරාම රිද්මයානුකූලව ඇවිදින ගමන් ඔහු වාදක කන්ඩායම අල්ලන තාලෙට ගැලපෙන්න තමන්ගේ බූට් සපත්තුවේ යකඩ අඩිය වේදිකාවේ හප්පන ගමන් la notte della taranta වර්ගයේ සින්දුවකට තාලේ ඇල්ලුවා!

දනවත් ඇස් දෙක බලන් හිටියා කිසිම කම්මැලි කමක් නැතුව හිරි ඇරලා නටන ගමන් තාලේ අල්ලන මේ කොල්ලා දිහා! ඇත්තටම ඒක බලන්න ලස්සනයි! පුංචි කොල්ලගේ යකඩ අඩිය වේදිකාවේ ගැටිලා එන ඒ හඩ එක්ක එයාගේ පුංචි අත් එකට ගැටිලා බිහිවෙන අත්පොලසන් හඩ වාදනයත් එක්ක හරි හරියට ගැලපුනා!

මයික් එක ලග හිටගත්තු එයා යකඩ පතුලෙන් සද්ද කරන ගමන්ම සින්දුව කියන්න ගනිද්දි ඉතාලියේ සලෙන්තො නුවර ලස්සන විදගන්න ඇවිත් හිටිය විදේශිකයෝ පවා ඒ අවට රැස් උනා!

ඉර බැහැගෙන යන හැන්දෑවක රත්තරන් පාට ඉර එලිය, පහලින් පෙනුන ආද්‍රියාතික් මුහුද, ඒ මුහුදු හුලන් එක්ක මුසු උන ඉතාලි දුප්පතාගේ හදවතටම ගැයෙන වේග තාල ඇල්ලෙන ගීත හැමදාමත් වගේ ඒ දුප්පත් හිත් සතුට කියන පෝසත් හැගීමෙන් පුරවන විදිහ දනවත් ඇස් දෙක රස වින්දා!

පැය තුනක් එක දිගට තාල අල්ලමින් ගැයුව ෆෙලිචිතා කන්ඩායම ඉර නොපෙනී ගිහින් ආලෝක ලාම්පු සලෙන්තො නුවර පුරා දැල්වෙන්න ගනිද්දි ඉතාලි දුප්පත් හදවත් වලින් ආදරනීය විදිහට සමුගෙන හැමදේම අකුලගත්තේ දුප්පතා දුන්න ආදරනීය සුබ පැතුම්, ස්තුති කිරීම් එක් කරගන්න ගමන්!

හැමෝටම ස්තුතියි දුන්න සහයෝගයට! ඒවගේම මේ සල්ලි වලටත්! ආයෙම හෙටත් හම්බෙමු!

මෙච්චර වෙලා සින්දු කියපු කෙනා තමන්ගේ අතේ තියෙන ලියුම් කවරේ ඇගිලි අතරට පොඩි කරගන්න ගමන් තම කන්ඩායමේ වාදක ශිල්පීන්ගෙන් සමු ගත්තේ නැවත හම්බෙමු කියන බලාපොරොත්තුවෙන්!

𝗟𝗮 𝗻𝗼𝘁𝘁𝗲 𝗱𝗲𝗹𝗹𝗮 𝗧𝗮𝗿𝗮𝗻𝘁𝗮 (𝗝𝗶𝗸𝗼𝗼𝗸) on holdWhere stories live. Discover now