Epilogue - 1

460 100 10
                                    

පසුදින උදෑසන ජන්ග්කුක් ගියේ පුස්තකාලයටයි.

පුස්තකාලයේ කවුන්ටරය අසල බාස්කට් එකක තද රෝස පැහැ රෝසමල් ප්ලාස්ටික් කවරයකින් ආවරණය කර තිබුණු අතර ජන්ග්කුක් ඒ එක මලක් අතට ගෙන එහි ලස්සන බලන්න වුණා.

ඒ සමගම පුස්තකාල කවුන්ටරය අසලට පැමිණයේ ඉතා වයසක පෙනුමක් තිබුණු ගුරුවරයෙක්- ජන්ග්කුක් ඔහුව ඇකඩමිය තුල මින් පෙර දැක තිබුණත් මෙතරම් සමීපව දැක තිබුණේ නැහැ.

ගුරුවරයා එක රෝස මලක් අතට ගෙන ජන්ග්කුක් දෙස බැලුවා.

"ඔබත් එතනට යනවද ලමයා?"
ගුරුවරයා ජන්ග්කුක්ගෙන් විමසුවා.

"කොතනටද?"
රෝස මල ඉක්මනට පසෙකින් තැබූ ජන්ග්කුක් විමතියෙන් ගුරුවරයා හට පිලිතුරු දුන්නා.

"ඔයා එයාලව දන්නවද? එන්න මාත් යන්නේ එහෙටමයි..."
ජන්ග්කුක් හට සිතා ගැනීමට නොහැකි වූවා ගුරුවරයා මේ කුමක් පිලිබදව පවසනවාද යන්න.

නැවතත් රෝස මල අතට ගත් ජන්ග්කුක් වේගෙන් ගුරුවරයා අසලට දිවගියා.

"ඔයා එයාලගෙන් කාගේ හරි නෑයෙක්ද?"
ගමන යන අතරතුර තමන්ට පිටුපසින් එන ජන්ග්කුක්ගෙන් ගුරුවරයා විමසුවා.

'මං දැන් මොකක්ද කියන්නේ?'
ජන්ග්කුක් මෙලෙස ගුරුවරයා පසුපස ආවේ ඔහු පැමිණෙන්න යැයි ආරාධනා කල නිසා මිසක ඔහු යන්නේ කොහාටද? මේ ඔහු පවසන්නේ කුමක් ගැනද? කියා නොදැනයි.

ගුරුවරයා පිටුපස හැරි ජනග්කුක් වෙත හිස් බැල්මක් හෙලුවා.

"ඔයාගේ වේදනාව මට තේරෙනවා පුතා... මට සමාවෙන්න මට එයාලව බේරගන්න බැරි උනා..."
ජන්ග්කුක් වෙත නැඹුරුව ඔහුගේ දෑත් අල්වා ගත් ගුරුවරයා බොහෝ සෙයින් කනගාටුදායක ස්වරයකින් යුතුව ජන්ග්කුක් හට පැවසුවා.

නමුත් ජන්ග්කුක් සිටියේ ගුරුවරයා පවසන දේවල් ගැන විමතියෙන්.

"ඔයාට හිතේ තියෙන ඕන දෙයක් කියන්න දරුවෝ..."
ගුරුවරයා එලෙස පවසන ගමන් ඔහුගේ දෑත් දිගු කලේ ඔවුන් ප
සිටින ස්ථානය වෙතටයි.

මෙතරම් වේලා ගුරුවරයාගේ පිටුපස ආවා මිසක ඔහු යන්නේ කොහාටද කියා ජන්ග්කුක් සොයා බැලුවේ නැහැ. නමුත් මේ මොහොතේ නම් ජන්කුක් එයාගේ ඇස් ඇරලා එයාලා දැන් ඉන්න තැන ගැන බැලුවා.

ඒ වෙන කොහෙවත් නෙවෙයි එයාලගේ ඇකඩමිය අසල පිහිටා තිබූ සොහොන් පිටිය!!!

ඒක දැකපු ජන්ග්කුක් බොහෝ සෙයින් බියට පත්උනා...

"ස්-සර් අපි ඇයි මෙතනට ආවේ?"

"ඔයා වගේම මමත් එයාලව හැම වසරකම මතක් කරනවා... ඉතින් දරුවෝ ඔයාගේ කවුද එදා අනතුරින් නැති උනේ?"
ගුරුවරයා සංසුන්ව සොහොන් කොත් දිහා බලාගෙන ඇහුවා.

ජන්ග්කුක්ට එවෙලෙහි තමයි තේරුනේ මෙතරම් වේලා ගුරුවරයා සොහොනක් ගැනයි, මැරුණු අය ගැනයි පවසා තිබෙන්නේ කියා.

නමුත් ජන්ග්කුක් තවමත් දන්නේ නෑ කවුරු ගැනද ගුරුවරයා මෙතරම්ම දුක් මුසුව පවසන්නේ කියලා...

"දරුවෝ..."
ගුරුවරයා ජන්ග්කුක්ට තට්ටු කරද්දී ජන්ග්කුක් ගැස්සුනා. ජනග්කුක් හිටියේ ඒ ගැන කල්පනා කරමින්.

"ඔයා මොනවද ඔච්චර හිතන්නේ? ලගම කෙනෙක්ද?"

"සර්- ඇත්තටම මගේ කවුරුත් නැති උනේ නෑ... මං ඇත්තටම සර් එන්න කියපු නිසයි ආවේ..." ජන්ග්කුක් තවත් කල් නොයවා සැබෑ කරුණ හෙලි කරා...

"එහෙමද? ඔයා මොන වසරෙද?"

"11 වසර"

"එහෙනම් ඔයා කොහෙත්ම මේ සිද්ධිය ගැන දන්නේ නෑ තමයි..." ගුරුවරයා බිම වාඩි වෙද්දී ජන්ග්කුක්ද ඔහුව අනුගමනය කලා.

"සර් ඇත්තටම කවුද මෙතන ඉන්නේ?" ජන්ග්කුක් කුතුහලයෙන් විමසුවා.

"ඒක වෙලා දැන් අවුරුදු 30 ක්ම ගත වෙලා දරුවෝ..."

"මොකක් වෙලාද?"





________________________________

Part 2 එකක් නෑ epilogue එක ඕතර් යුමී ගානේ🙂

Bye
Sarangeo💚💙

The Ghost Proof |TK|✔Where stories live. Discover now