05. What the...

449 110 6
                                    

පංතියට ඇතුලු වූ ජිමින් තවමත් පාඩම ආරම්භ නොකර ඇති බව දුටු නිසා සැනසුම් සුසුමක් හෙළුවා.
ඔහු පංතියේ ළමුන් දෙස බලමින් හිස්වූ පුටු දෙකක එක් පුටුවක වාඩි වූයේ ඔහුගේ අතිජාත මිතුරා වන ටේහ්යුන් කොහේ අන්තරස්දාහං වුණාද යැයි කල්පනා කරමින්.

ජිමින් පැමිණ සුළු මොහොතකින් ටේහ්යුන්ද පැමිණ ජිමින්ගේ අසල වූ අනිත් හිස් පුටුව ඇද වාඩි වුණා.

"මොකද?"
තමා දෙස කන්න වගේ බලාගෙන සිටින ජිමින්ව දුටු ටේහ්යුන් සිනාවී ගෙනම ජිමින්ගෙන් ඇසුවා.

"කොල්ලා මොකෝ හිනාවෙවී මනෝපාර ගහන්නේ? පංතියට එන්න කලින් මම නොදන්න මොනවහරි වුණා ද?"
ජිමින්ගේ වචන හමුවේ නැවත සිනහවුණු ටේහ්යුන් ජිමින්ට ළං වුණේ රහසක් කීමට ඇති බව ජිමින්ට අංග චලනයන් වලින් පෙන්වමින්. ජිමින්ද ටේහ්යුන්ගේ කට දෙසට තම කන ළං කරේ මහත් කුතුහලයෙන්.

"මම අලුත් ළමයා එක්ක පොඩි ෆන් එකක් ගත්තා-"
ජිමින්ගේ කනට රහසින් කොදුරපු ටේහ්යුන් ජිමින් දිහා බැලුවා.

ජිමින් ටේහ්යුන් දෙස බලා සිටියේ මූ මොන හොල්මන් කතාවක් කියෝනවද කියලා බලන්න වගේ අමුතු පුදුම සහගත බැල්මකින්

"ඇයි මොකද?"
ජිමින්ගේ මුහුණේ හැගීම් කියවූ ටේහ්යුන් විමසුවා.

"ටේ ඔයා මොන බූත කතාවක්ද අයිසේ කියන්නේ? මම දන්නවා අපි හොල්මන් කියලා... ඒත් හොල්මනකටවත් එක වෙලාවේ තැන් දෙකක ඉන්න බෑනේ..."
ජිමින්ගේ අමුතු කතාව හමුවේ ටේහ්යුන් ආපහු හොල්මන් වෙද්දී පංතියට පැමිණියේ සුරූපී හොල්මන් ගෑණු ළමයෙකි.
ගෑණු ළමයා ජිමින්ව පසු කරගෙන යද්දී ජිමින් වෙතට බැල්මක් හෙළා ඇහැක් ඉගි මැරූ අතර ජිමින් ලැජ්ජාවටම තක්කාලි ගෙඩියක් සේ රතු වී සිටිද්දී ටේහ්යුන්ගේ කටින් ප්‍රශ්නයක් පිට වුණා.

"ඒ කවුද?"
ටේහ්යුන් විමසද්දී ජිමින් නැවත පුදුමයෙන් ටේහ්යුන් දෙස බැලුවා.

"එයා තමා අලුත් ළමයා- ඊයේ සොහොනේ වළ දැම්ම කෙනා...
පොඩ්ඩක් ඉන්න ඔයා එයා අලුත් ළමයා කියලා දන්නැද්ද? එතකොට ඔයා කාත් එක්කද ෆන් එකක් ගත්තේ කිම් ටේහ්යුන්?"

___________________________________

මේක short ff එකක්. තව එකයි☺

Bye
Sarangeo💚💜

The Ghost Proof |TK|✔Where stories live. Discover now