01. To The Academy

842 122 23
                                    

මෙම කතාංගය සදහා ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන BTS හි සාමාජිකයන්ගේ නම් භාවිත කළද, ඔවුන්ගේ සැබෑ චරිතය මෙම කතාවේ චරිත සමග සන්සන්දනය නොකරන්න

________________________________




"දැන් වෙලාව හරී..."
ටේහ්යුන් තම පස් ගොඩැල්ලෙන් එළියට ආවා. පුරසද අහස දිහා බලාගෙන මුමුණපු ටේහ්යුන් බැලුවේ තමන්ගේ වම් අත පැත්තේ තියෙන පස් ගොඩැල්ල වෙතයි.

"පාර්ක් ජිමින් තමුන් තාම නැගිටලා නැද්ද?"
පස් ගොඩැල්ල අයිනක කොතක නම සටහන් වුණේ පාර්ක් ජිමින් ලෙසයි. ටේහ්යුන් පියාඹා ගෙනම ඇවිත් ජිමින්ගේ පස් ගොඩැල්ල තුළට රිංගුවා.

"අනේ මට තව ටිකක් නිදාගන්න දෙන්න..."
පස් ගොඩැල්ල තුලින් ජිමින්ගේ සද්දය ඇහුණා.

"නෑ නෑ ඉක්මනට එන්න... ඇකඩමියට යන්න පරක්කු වෙනවා..."
ජිමින්ගේ අත පස් ගොඩැල්ලෙන් එලියට වෙර යොදා අදිමින් ටේහ්යුන් කීවා. ජිමින්ගේ අත හැරෙන්න අනිත් කොටස් සේරම පාහේ තිබුණේ පස් ගොඩැල්ල තුළයි. ටේහ්යුන්ගේ වදකිරිල්ල නිසා ජිමින් නැගිට්ටේ ටේහ්යුන්ට දෙහි කපමින්.

"වදේ මට හරියට නිදා ගන්නත් නෑ..."
ජිමින්ගේ කන් කෙදිරිල්ල අස්සෙන් ටේහ්යුන් කතා කරන්න ගත්තා.

"අද අලුත් කෑල්ලක් එනවා ඉස්කෝලෙට එනවා..."

"මොකක්?"
ජිමින්ගේ නිදිමත වහා චුත වී ගියා.

"මතකද ඊයේ උදේ සොහොනේ කෙළවරක වළක් කපන සද්දේ ඇහුණා? මට එතකොට ඇහැරුණා... කට්ටිය කතාවුණු දේවලුත් මට ඇහුණා... අපේ වයසෙමයි... අද එයි එයා ඉස්කෝලෙට..."
ඇහැක් ඉගිමරමින් ටේහ්යුන් කියද්දී ජිමින්ගේ කටේ එක පැත්තකින් පැණි සීරාවක් ගලා යන්නට වුණා.

"ආපෝ පැණියා... ඔය පැණි ටික පිහදාගෙන වරෙන්..."
උරහිසට තට්ටුවක් දැමූ ටේහ්යුන් පියඹාගෙනම ගියේ සොහොන එහා පැත්තෙන් වූ රෝස්විල් ඇකඩමිය වෙතටයි.

ඒ අතර ඇකඩමියට එහා පැත්තෙන් වූ තාප්පය බඩගාගෙන නගින තරුණයන් දෙදෙනෙක් වුණා. එකෙක් බිම දිගා වී අනික් තරුණයාට තාප්පයෙන් පැනීමට තම පිට දී සිටියා.









_________________________________

කවුද මේ ඉස්කෝලේ තාප්පෙන් හොරින් පනින්න හදන දෙන්නා ?
Any guesses  ?

කතාව කෝමද?

Bye
Sarangeo💚💜

The Ghost Proof |TK|✔Where stories live. Discover now